Posts

Showing posts from August, 2020

C ගත්තොත් බැරිද?

Image
දන්නෙ නෑ... කතාව කියවල ඉවර වෙද්දි ඔයාට හිතෙනවනම් පුලුවන් කියල, පුලුවන් ඇති. කතාව ඉවර වෙද්දිත් පුලුවන් කියල හිතුනෙම නැත්තම් ඔලුවට දෙකක් ගහගෙන ආයෙ මුල ඉඳන් කියවන්න.  පහුගිය කාලෙම මගෙන් message එවල අහපු ලොකුම ප්‍රශ්ණයක් තමයි 'අක්කෙ මට C එකක් තියෙනව module එකකට. මට 4th year යන්න බැරි වෙයිද?' කියල. හැමෝටම සවිස්තරාත්මක උත්තරයක් දෙන්න බැරි උන නිසාත්, කීප දෙනෙක් ඉල්ලීම් කල නිසාත්, එකෙක් දෙන්නෙක් හරි මේක කියවල ගොඩ යයි කියල හිතෙන නිසාත් මේ ගැනත් ලියන්න හිතුන.  ගොඩාක් අය හිතන් ඉන්න විදියට අශන්ෂණී කියන්නෙ පොතට ඇලුණු ඩයල් එකක්. බම්බුව තමා! ඔයාලට කියන්න, mid exam එකට වාඩි වෙන්න ගියාම lecturer ලඟට ඇවිත් 'ඔය ළමය මේ batch එකේද' කියල අහපු වෙලාවල් පවා තිබ්බ. sports කරන්නයි, announcing කරන්නයි, lectures යන්නයි, clubs වල වැඩ කරන්නයි, competitions, events වලට යන්නයි තව දේවල් හැටහුටහමාරක් කරන්න මම ඉතින් කතරගම දෙයියො නෙමෙයිනෙ. මට වැරදුන තැන් අනන්තවත් තිබ්බ. එකම දේ තමයි මං ඒව වලින් ඉක්මනින් පාඩමක් ඉගෙන ගත්ත.  මම කැම්පස් එන්න කලින්ම මම යන අංශෙ මොකක්ද කියන එක තීරණය කරල ඉවරයි. අංශෙ කියල කිව්වෙ දැන...

එදා ඉඳන්

Image
 එදා ඉඳන් ඉස්සරහට ආ ගමන තාමත් මතකය.  'පුතේ තාත්තා අපිව දාල ගියා' අඬා හෙම්බත් වූ අම්මාගේ මුවින් ඒ වචන අසා පුංචි කෙල්ලෙකු මෙන් කාමරයට දිව ගොස් අදට වසර 10කි. අද කතාව සුන්දර නැත. මන්දයත් දෛවය අපට ගෙන එන වේදනාත්මක සමු ගැනීම් කෙසේවත් සුන්දර වන්නේ නැත.  2010.08.07 එදා කාමරයට දිව ගිය කෙල්ල මට අදටත් මතකය. ඇයට ජීවිත අරමුණු තිබුණේ නැත. අම්මාගේ අතේ එල්ලී පන්ති යනවාටත්, පාසල් වෑන් රථයෙන් පාසල් යනවාටත් එහා ලෝකයක් ඇය දැක තිබුණේ නැත. නමින් ඇය අශන්ෂණී වුවද, අද මා තුළ සිටින්නේ ඇය නොවන වග හොඳටම විශ්වාස ය. එබැවින් වසර දහයක් ඈතට ඇය සොයා යන්නට සිතුණි.  අතීතය සිසාරා යන ගමනේ එක් තැනක නවතිමි. මතකය නැවතුණු තැන පොලිස් නිලධාරීන් 6 දෙනෙක්ගේ ආරක්ශාව සමග ඉදිරියට ඇදෙන නිල රථයකි. රථයේ එක් තැනක තාත්තාගේ අතේ එල්ලී තල් අරණේ සිරි විඳින පුංචි කෙල්ලෙකි.  'තාත්තෙ තල් ගෙඩිත් පොල් ගෙඩි වගේ ද? ඒව ඇතුලෙ තියෙන ඒවත් මිනිස්සු බොනවද?' 'ඔව් පුතේ දවසක පෙන්නන්නම්' තල් ගෙඩි බලන්නට 'දවසක්' එන තුරු සිටීමට සිදු වූයේ නැත. කතාව අසාගෙන වාහනයේ පිටුපස අසුන් වල සිටි සෙසු නිළධාරීන් තල් වලු පිටින් උස්සාගෙන සවස් වන ව...