ඇතුවත් බෑ නැතුවත් බෑ
මේ කතාව ටිකක් වෙනස්. මේ කතාව අශන්ෂණීගෙ හදවතට ලඟ දෙන්නෙක් ගැන. අවුරුදු 9ක්ම ඉතින් මං පවුලෙ එකම ළමයා. ඔය අවුරුදු 9 ගත වෙන්නෙ ගොඩක්ම මගේ අම්මගෙ අක්කගෙ පුතා, නසරානි තාරක එක්ක. මා නසරානියෙක් කියල හිතනවනම්, අයියා නසරානියාගෙත් නසරානියෙක් කියල කිව්වොත් වැරදි නෑ.. ඔහු මගේම සහෝදරයා නෙමෙයි වුනත් අපි හැදුනෙ වැඩුනෙ එකට. මම ඉපදෙනකොට එයාට අවුරුදු 11ක්. එයාටවත් මටවත් වෙන සහෝදරයින් ඒ වෙනකොට නොහිටපු නිසා අපි සෙල්ලම් කලෙත් එකට. පොඩි කාලෙ ඉදන් මාව වහල් සේවයේ යොදවන්න නසරානි තාරක පුරුදු වෙලා හිටිය. උදේට අයියගෙ ඇඳ අස් කරනවට මට රුපියල් 5ක තෑගි මුදලක් ලැබුන. ඒ කාලෙ 5ට විතරක් යන්තම් ගණන් කරන්න දන්න මට ඕක ඉතින් හෙන ලොකු ගාණක්. එතනින් නැවතුනේ නෑ. දීපු රුපියල් පහ දවල් වෙද්දි හොරකම් කරල ඒ රුපියල් පහ ම ඊළග දවසෙත් දෙනව. කියන්න සන්තෝසයි පින්වතුනි මොන තරම් වහල් සේවයේ යෙදුනත් මන් ලග හැමදාම තිබුනෙ රුපියල් 5යි ... 'මට මගේ නොවන මගේම රුපියල් පහක් තිබුන'.... සමනල සන්ධ්වනිය ටිකක් කලින් ගියා නම් මට ඒ සිංදුවෙ තාලෙට මගෙ දුක කියන්න තිබ්බ. මම පොඩි කාලෙ කන්න බොන්න හරි හොරයි. ඒත් අම්මල මාව influence කරන්න පාවිච්චි කලේ...