පොට්ට මලීගේ තියරිය
අශන්ෂණීගේ ජීවිතයේ තිබුනේ අවවාද, ආදර්ශ පිරුණ අභියෝගාත්මක කතා විතරමද? හනේ නැත. බ්ලොග් එක පුරාම මහත්මා ගාන්ධි වගේ ලොකු ටෝක් දුන්නද, අශන්ෂණී වනාහී ලොකු චරිතයක් නොවේ. එබැවින් වෙනසකටත් එක්ක මෝඩ කතාවක් ලිවීමට සිතුණි. චික්! ලියන බාසාවෙන් පුලුවන් ද අප්ප මෝඩ කතා ලියන්න.මෙතැන් පටන් සරල බාසාවෙන් ලියන්නේ ඔබේ පමණක් නොව මගේද පහසුව තකා ය. ඉපදෙද්දි 'ෂ' යනු පිරිච්ච නමක් තිබුණත් ගොඩක් මිනිස්සු මගෙ නම කියල කතා කලේ නෑ. ඒ මට ආදරේ නිසාම නෙමෙයි. නම කියල ඉවර වෙද්දි දිව කෘන්තක දතට අහු වෙයි කියන බයට.ඉතින් ඕකට හරි අපූරු විසඳුමක් හොයා ගත්ත මගෙ පෙම්වතා / බෝයිෆ්‍රෙන්ඩ්/ අනාගත සහකරුවා/ වෙන්ඩ සැමියා.. ඔය මොකා හරි අන්න එයා ( ඉරි ගහල වෙන් කරල නම් ගොඩක් ලිව්වට එහෙම උන් ගොඩක් නැත. ඇත්තේ එකෙක් පමණි. නැත්තම් ඉතින් ඕකත් මදැයි ) නම පිරෙන්න තිබුණ 'ෂ'යනු සේරම හිතක් පපුවක් නැතුව හලල දාල, 'මලී' කියල කතා කරන්න එයා තීරනය කලා. එහෙම තීරණය කලත් හරි, යාලුවො, යාලුවන්ගෙ දෙමව්පියො, යාලුවන්ගෙ ගෙවල් වල බල්ලො පූසො විතරක් නෙමේ, මාව අඳුරන නාඳුනන සියලූම හුදී ජනයා මට මලී කියල කතා කරන්න පටන් ගත්ත. ඒකට එතුමා හරි වේදනාවෙන්...