මං පොත්ගුල්ලෙක් ද? අපතයෙක් ද?
මා දිනපතා ඇසුරු කරන මානව කොට්ඨාස ගණනාවක් ඇත. ඒ එක් එක් කොට්ඨාස වල අය මා ගැන දන්නා දෑ පරස්පර විරෝධී ය. එක් කොට්ඨාසයකට මා මහා අපතයෙකු වන විට තවත් කොට්ඨාසයකට කණට ඇහෙන්න කතා කරන්න දන්නෙ නැති පොත් ගුල්ලෙකි. අයෙක් මගේ කටින් වචනයක් ගැනීමට වෙර දරන විට, තවත් අයෙක් දෙයියන්ගෙ නාමෙන් තප්පර දෙකකටවත් මගේ කට වසා තැබීමට ක්‍රමයක් සොයයි. මා පොත් ගුල්ලෙක් හා අපතයෙක් යන නම් දෙකෙන්ම හැඳින්වීම වැරදි නැත. එය ඔබට මද වේලාවකින් කතාව අවසානයේ පසක් වනු ඇත. ඉතින් කුඩා කළ පටන් අධ්‍යාපනය කෙරෙහි මා තුළ තිබූ උනන්දුව සහ එහි විකාශනය ගැන මෙසේ සටහන් කරමි. සුද්දාගේ භාශාව ඉගෙන ගැනීමට මට කුඩා කල පටන් තිබී ඇත්තේ සුලු පටු ඇම්මක් නම් නොවේ. 'ඉ' යන්නෙන් 'ඉදල' කියා කියවිය යුතු වයසේ පටන් කියා ඇත්තේ 'ඉංග්‍රීසි පංති යන්න ඕනෙ කියා ය. යන්තම් වයස අවුරුදු එකක හෝ දෙකක වයසේ පසු වූ මට එතරම් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය වූයේ පෙර භවයකින් ආ මෙව්වා එකකින් නම් නොවේ. සතියකට වරක් නිවසේ රඟ දැක්වුනු මහා ඉංග්‍රීසි නාඩගම නිසාවෙනි. නාඩගමේ ප්‍රධාන නළුවා ලෙස රඟ දැක්වූයේ අයියාය. හරියටම බදාදා සවස 4.20ට පමණ මෙම නාඩගම ආරම්භ කිරීම සඳහා අය...