Posts

Showing posts from November, 2020

සිස්සත්තෙ

Image
පහුගිය දවස් වල පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත් උනත් එක්කම එක එක කතන්දර අහන්න හම්බුනා. ඒ කතා වල හැටියට සිස්සත්තෙ පාස් උන හැමෝම ජීවිතේ දිනලත් නෑ. ෆේල් උන හැමෝම ජීවිතේ පැරදිලත් නෑ. ඉතින් මට හිතුණ මගෙ කතාවත් කියන්න. අශන්ෂණී සිස්සත්තෙ එහෙමත් නැත්තම්, පහ වසර සිසුන්ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩයිම් විභාගෙට මූණ දුන්නෙ 2005 අවුරුද්දෙ. දැන් මොන්ගල් ගති ලක්ශණ පෙන්නුම් කලාට, මං ඒ කාලෙ ඉගෙනීමට ලැදි, රටට හිතැති ළමයෙක්. ඉතින් ඔය සිස්සත්තෙට පංති පටන් ගන්න කාලෙ වෙද්දි තමා මගෙ නංගි ඉපදුනෙ. නංගි ඉපදුන ගමන් ටික කාලෙකට මම අම්මගෙ ග්‍රහණයෙන් මිදුන. තාත්තත් රාජකාරි වැඩ එක්ක ගෙදර හිටපු නැති නිසා, ඔය කාල වකවාණුවෙ මට පුලුවන් වුනා සාර්ථක විදියට අපතයෙක් බවට පරිවර්තනය වෙන්න.   'කම්මැලිකම' කියන කන්සෙප්ට් එක මම තදින්ම හිතට ගත්තෙ ඔය කාලෙ. ඒකෙ පළවෙනි පියවර විදියට මම කලේ පහ වසර පළවෙනි වාර විභාගෙ ගණන් පේපර් එකේ අන්තිම පිටුවෙ කිසිම ගාණක් හදන්නෙ නැතුව හිටපු එක. ටෙස්ට් රන් එකට තෝර ගත්තෙ ගණන් පේපර් එක විතරයි. ඔක්කොම පේපර් ටිකට ඒ වැඩේ කරල අවදානමක් ගන්න බෑනෙ. ඔන්න ඉතින් ලකුණු ආව. 81ක් තියෙනව අව්ලක් නෑනෙ. ඉතින් හිත...