Posts

Showing posts from December, 2020

කැතයි කියල මරන්නද?

Image
මනුස්සයෙක් අවවාදයක්, උපදේශයක්, කතාවක් කියන්න තරම් පරිණත වෙන්න නම් හොම්බෙන් යන්නම ඕනෙ. මොකද, film බලල, අනුන්ගෙ කතා අහල දෙන උපදෙස් වලට වඩා පරණ මතක එක්ක මුහු වෙලා හදවතින්ම (සමහරුන්ගෙ එන්නෙ හදවතෙන්, සමහරුන්ගෙ බොක්කෙන්, තවත් සමහරුන්ගෙ වෙන කොහෙන් හරි වෙන්නත් පුලුවන්) එන වචන වල validity එක වැඩි. මෙන්න මේ කතාවත් උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම හා එක්ව ඔබ වෙත ගෙන එන උපමා කතාවක්. මට මේ උපමා කතාව මතක් වෙන්නෙ කතානායක පහුගිය කාලෙ මට කතා කරල මේ කතාව මතක් කරල දීපු නිසා (අයියෝ අර පාර්ලිමේන්තුවෙ කතානායක නෙමේ. ඒ මනුස්සය මට අබ මල් රේණුවක වරදක් කරල නෑ) 'කැත'.. කැත කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට හරි ප්‍රභල විදියට බලපෑම් එල්ල කරන හරිම කැත දෙයක්. මට කියල වෙනසක් නෑ. මොකද මම ඉතින් මම කුස රජ්ජුරුවන්ගෙ පබාවතී කුමාරි ඈ.  මං කිව්ව අර කතානායක තුමා ඒ කතා කරපු වෙලාවෙ මට මතක් කරල දුන්න එතුමා මාව හැර ගිය බව (විශේෂණ පද ඇතිව මහත් ආඩම්බරයෙන්). අන්න ඒ වෙලාවෙ තමා මට මතක් වුනේ එතුමා මාව හැර ගිය හේතුව.මං මේ කතාව කියන්නෙ කෙල්ල දාල ගියා, කොල්ල දාල ගියා කියල හොටු පෙරාගෙන අඬන සුවහසක්  ශ්‍රී ලාංකික හුදී ජනතාවට ( ශ්‍රී ලා...