Posts

Showing posts from March, 2021

සංගමයක් ගිය දුර

Image
කතාවක් පරක්කු ඇයි කියල හැමෝම කිව්වට මං උත්තර දුන්නෙ නෑ සොරි වෙන්න ඕනෙ. මොකද මේක ලියන්නම ඕනෙ කතාවක්. Timing තියන් හරි දවස එනකල් හිටියෙ.  මේ කතාවෙන් මොකෙක්ටවත් ගන්න කිසි ආදර්ශයක් නෑ.  එකම ආදර්ශෙ තමා අර බිලී අයිය කිව්ව 'යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න' කිව්ව එක.  ඇඩ් දාන්න ඕනෙ නෑනෙ කෙලින්ම කතාවට බහිමු නේද! මේක අශන්ෂණී single කාලෙ උන සිද්දියක්. අපේ campus යාලුවො සෙට් වෙලා කරන පොඩි සංසදයක් තියෙනව Help Someone Helpless (HSH) කියල.  කැම්පස් එකේ අපි හැමෝම පළවෙනි අවුරුද්දෙ එකම batch වල  ඉඳල ඊට පස්සෙ තමයි තමයි කැමති specializations තෝරගෙන යන්නෙ. මම කිව්ව මේ සංගමේට එකතු වුන ගොඩක් යාලුවො අර මං කිව්ව වගේ පළවෙනි අවුරුද්දෙ එකට ඉද්දිම ෆිට් වුන අය. අපි එකතු වෙලා කරන්නෙ උදව් ඕනෙ වෙන අසරණ මිනිස්සුන්ට උදව් කරන එක. ඉතින් මේ යාලුවො සෙට් එක එකතු වෙලා අලුත් ප්‍රොජෙක්ට් එකක් දා ගත්ත. ඒකෙ නම 'Day with flowers'. ඕකට වැල්ලවත්ත පැත්තෙ තැනකට තමයි යන්න දාගෙන තිබ්බෙ.  2020.03.13 ඒ කියන්නෙ අවුරුද්දකට කලින් මේ වගේම කාලෙ දවසක මං ඔෆිස් ඉවර වෙලා ගෙදර එද්දි වෙලාව රෑ 9.10යි.මම සාමාන්‍යයෙන් චැට් ...