සංගමයක් ගිය දුර


කතාවක් පරක්කු ඇයි කියල හැමෝම කිව්වට මං උත්තර දුන්නෙ නෑ සොරි වෙන්න ඕනෙ. මොකද මේක ලියන්නම ඕනෙ කතාවක්. Timing තියන් හරි දවස එනකල් හිටියෙ. 

මේ කතාවෙන් මොකෙක්ටවත් ගන්න කිසි ආදර්ශයක් නෑ. 

එකම ආදර්ශෙ තමා අර බිලී අයිය කිව්ව 'යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න' කිව්ව එක. 

ඇඩ් දාන්න ඕනෙ නෑනෙ කෙලින්ම කතාවට බහිමු නේද!

මේක අශන්ෂණී single කාලෙ උන සිද්දියක්.

අපේ campus යාලුවො සෙට් වෙලා කරන පොඩි සංසදයක් තියෙනව Help Someone Helpless (HSH) කියල.  කැම්පස් එකේ අපි හැමෝම පළවෙනි අවුරුද්දෙ එකම batch වල  ඉඳල ඊට පස්සෙ තමයි තමයි කැමති specializations තෝරගෙන යන්නෙ. මම කිව්ව මේ සංගමේට එකතු වුන ගොඩක් යාලුවො අර මං කිව්ව වගේ පළවෙනි අවුරුද්දෙ එකට ඉද්දිම ෆිට් වුන අය. අපි එකතු වෙලා කරන්නෙ උදව් ඕනෙ වෙන අසරණ මිනිස්සුන්ට උදව් කරන එක. ඉතින් මේ යාලුවො සෙට් එක එකතු වෙලා අලුත් ප්‍රොජෙක්ට් එකක් දා ගත්ත. ඒකෙ නම 'Day with flowers'. ඕකට වැල්ලවත්ත පැත්තෙ තැනකට තමයි යන්න දාගෙන තිබ්බෙ. 

2020.03.13 ඒ කියන්නෙ අවුරුද්දකට කලින් මේ වගේම කාලෙ දවසක මං ඔෆිස් ඉවර වෙලා ගෙදර එද්දි වෙලාව රෑ 9.10යි.මම සාමාන්‍යයෙන් චැට් කියවන්න හරිම කම්මැලි එකෙක්. මගෙ යාලුවො ඒක හොඳට දන්නව. කවුරු හරි මැරෙන්න යනව කියල මට message එකක් දැම්මොත්, තුන් මාසෙ දානෙට තමයි reply එන්නෙ. ගෙදර ඇවිත් අර සංගමේ චැට් එක බලද්දි මැසේජ් 100කට වැඩි. 

ඉතින් දවසම වැඩ කරල ගෙදර ඇවිත් ඉන්න වෙලේ, මහ රෑ අච්චර මැසේජ් ගොඩක් තියෙන චැට් එකක් මං කියවයි කියල හිතනවද? Impossible!!!

හැබැයි අන්න එදා මං ඉගෙන ගත්ත message කියවන එකේ තියෙන වැදගත් කම.

ඔන්න ඉතින් 2020.03.14 අපේ Day with flowers උදා වුනා. කතා වුන විදියට උදේ 8.30ට විතර අනුශ්ක ආව මාව එක්කන් යන්න. පොතේ හැටියට (මම අනාදිමත් කාලෙ චැට් එකක දැකපු විදියට)  මේ වෙද්දි රුචික ඉන්න ඕනෙ මේ මනුස්සය එක්ක. කලින් දවසෙ චැට් එක හරියට බලපු නැති නිසා මේ අලුත් ප්ලෑන් එක ගැන ලොකු අවබෝධයක් නෑ. (කලින් දවසෙ යාලුවො එක එක ඒව කියල විහිලු කලත් එව්ව ඇත්ත කියල විස්වාස කරන mood එකක් තිබ්බෙත් නෑ. මොකද හුස්ම වැටෙන,පුරුශ පක්ශයට අයත් ඕනෑම එකෙක්ව මට ජෝඩු කර ආතල් ගන්න යාලුවො දෙපාරක් හිතන්නෙ නෑ කියල දන්න නිසා)

කෝ රුචික? මං ඇහුව.

ආහ් එයා වෙනම එන්නෙ... උත්තර දුන්න.

එතකොට අපි එක්ක මොකෙක්වත් යන්නෙ නැද්ද? මං ආයෙත් ඇහුව. 

නෑ අනිත් සේරම පසියා එක්ක.

වාහන දෙකේ සෙට් එක බෙදිල යනව කිව්වට දැන් බලද්දි යකාගෙ බෙදිල්ලක්නෙ මේ බෙදිල තියෙන්නෙ. මුලු සෙට් එකම පසියා එක්ක. මං අනුශ්ක එක්ක. 

ඕ ලෙවල් commerce පේපරේටවත් මෙච්චර අසාධාරණ විදියට ගණං බැලන්ස් කලේ නෑ.

 පසියා කියන්නෙ මගෙ හොඳම යාලුව. ඉතින් මුලු සෙට් එකම එයා එක්ක ඉද්දි මං මේ මනුස්සය එක්ක ගිහින් ආයෙ වසල හමාරයි. 

ඒත් පොඩ්ඩක් calm down වෙලා ඉන්න ඕනෙ. මොකද ඉතින් මේ මනුස්සය මාව මරන්න අරන් යනව යෑ..

අව්වත් නෑ, වැස්සත් නෑ  මරු atmosphere එක... ලස්සන සිංදුවකුත් play වෙනව. 

'මට හංග හංග හැංගිලා ගිය කාලය

ඔබ තාම දන්නෙ නෑ මේ ආදරේ වග

දුර ඈත කාලේකත් කියන්නට හිටිය බව

පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම

මේ ආදරේ ද ආදරේ බව නොදැනුන

හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන

සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ

මම ආදරේ කියා කියන්නද සදහටම'

දැන් සිංදුව ගිහින් ඉවර වුන ගමන් මේ මනුස්සය ඒ සිංදුවම ආයෙ play කරනව. ඔන්න දැන්නම් මන් ටිකක් විතර panic. 'මූ මොකද මේකම දාන්නෙ' කියල හිතෙනව. 

ඒත් ඉතින් මන් ජනපද කල්‍යාණි ඈ... ඒ මනුස්සය ඒකට ආස නිසා ආයෙ ආයෙම අහනව ඇති කියල ආයෙම හිතෙනව. 

මගෙ හිතේ ලොකුවටම වැඩ කරන්නෙ අරුන් මං නැතුව මොනව හරි කනවද දන්නෙ නෑ, සිංදු කියනවද දන්නෙ නෑ, පසියා තරහ වෙයිද දන්නෙ නෑ වගේ ඒව. 

ඔහොම ගිහින් අනුශ්ක එක තැනක වාහනේ නැවැත්තුව. වාහනෙත් නවත්තපු එකේ දැම්ම පසියට මැසේජ් එකක්..

කොහෙද ඕයි ඉන්නෙ?... 

මැසේජ් එකට රිප්ලයි ආව අනිත් අතට

'ආහ් තෝ ඉන්නවද? හිටපිය අරූ එක්කම..ආයෙ කොහෙ ගියත් මං 'තෝව දාල යනව අනුශ්ක එක්ක වරෙන් කියල.. වරෙන්කො අඬාගෙන ඌ යාලු වෙන්න ඇහුව කියල' 

අනුශ්ක යාලු වෙන්න අහන්න මගෙන්?? හෙන කොන්ෆිඩන්ස් පිට 'එයා එහෙම නෑ බං' කියල ටයිප් කරන්න ගියා විතරයි (වෙලාවට ටයිප් කරල සෙන්ඩ් කලේ නෑ... කලා නම් ඕකුන් මට තාම ඕක කියල හිනා වෙනව.) මෙන්න මේ මනුස්සය මතු උනා ලොකූ මල් පොකුරකුත් අරගෙන මගෙ එහා පැත්තෙන්. 

ඇවිත් මල් එක දීල මෙහෙම කියාගෙන කියාගෙන ගියා...

This is for you because  you like flowers. I just wanted to say that I like you. And also I know that you are not open for relationships. It's OK not to like me back. But if you ever think of starting a relationship, please be mine. I can wait. 

(මේක සිංහලෙන් දැම්මොත් තනිකරම අර්ථරසය චාටර් වෙනව. ලංකාවෙ මිනිස්සු ඉංග්‍රීසි චිත්‍රපටි වලට දාන subtitles පේනවනෙ. අන්න ඒ තත්වෙට දාන්න ඕනෙ නැති නිසා ඔහොම්ම තියන්නම්. )

මං දැන් බලන් ඉන්නව නිදහස් චතුරශ්‍රෙ ඩී.එස්. සේනානයක පිළිමෙ වගේ. 

ඇයි හත්තිලව්වෙ මං හිතුවෙ නෑනෙ මෙහෙම වෙයි කියල. අනික මේ මනුස්සය තනි රචනාවක්ම කියලනෙ නැවැත්තුවෙත්. මට දැන් කියා ගන්න දෙයක් හිතා ගන්න බෑ. Business analyst බුද්ධිය පාවිච්චි කරල clientsලට කියනව වගේ 'OK' කිව්ව. 

ඒ මනුස්සයට හිතෙන්න ඇති අයියෝ මං මේක අහ ගන්නද මෙච්චර නැටුවෙ කියල.

අන්න ඔහොමයි Day with flowers නිමා වුනේ. 

එදා කැමතියි නොකිව්වට කොල්ල ගේම අතෑරියෙ නෑ.. පස්සෙ කාලෙක මං තුමී හා කිව්ව ( ඒ කතා පසුවට ). මොනා කරන්නද... ඒ මනුස්සයටත් පෙර කරුමයක් තියෙනව නම් ඒව ගෙවෙන්නත් එපැයි.

- අශන්ෂණී -

(HSH Day with flowers 2020.03.14)


පසුව ලියම්. එක එක හොටු කොල්ලො කෙල්ලො වෙනුවෙන් මැරෙන්නෙ නැතුව හරි කෙනා එනකල් ඉන්න.. ඔයාල හිතනවට වඩා ජීවිතේ ලස්සනයි.

Comments

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි