සිරිපාල සහ අශන්ෂණී

ඔන්න අද නම් යක්කු ගස් නගින වෙලාව එනකල් ඉන්නෙ නැතුව පෝස්ට් එක දානව. අද කතාව අශන්ෂණී සහ බයිසිකලේ අතර ආත්මීය බැඳීම ගැන.

මගෙ බයිසිකලේ කතාව කියන්න කලින් පොඩි සයිඩ් කතාවක් තියෙනව. ඒක නොකිය ගියොත් හෙන අසම්පූර්ණයි. අපේ අම්මයි තාත්තයි පුංචි කාලෙ ඉඳල හොඳ යාලුවො. එයාල ඉතින් ඉස්සර බයිසිකල් පදින්න යනවලු. අපේ අම්ම තාත්තව බයිසිකලේ පැදගෙන අන්නාසි වත්තට එක්කගෙන ගිහින්, පරණ වැරදි සිහිපත් කරල හොඳටම ගහල දාල එනවලු.ඉතින් මේ ගහන්නයි එක්ක යන්නෙ කියල දැන දැනත් හැමදාම යන්න, අපේ තාත්තට මොන තරම් ධෛර්යයක් තියෙන්න ඇතිද නේද හුම්ම්.... එහෙම බලද්දි මං තනිකරම බයිසිකල් හිස්ට්‍රියක් තියෙන කෙල්ලෙක්.


මේ පින්තූරෙ තියෙන්නෙ ජීවිතේ මට පළවෙනියටම හම්බුන බයිසිකලේ. වත්තෙ ඒ කෙලවරටයි මේ කෙලවරටයි ඕක පදින එක තමයි ඒ කාලෙ ලයිෆ් එක. 

ඉතින් ඔහොම ගිහින් මගෙ දෙවෙනි බයිසිකලෙත් ලැබුන. 

ඒ බයිසිකලේ නම 'සිරිපාල'.

 පොඩි බයිසිකලේ රෝද තුනක් තිබ්බට සිරිපාලට තියෙන්නෙ රෝද දෙකයි. දැන් ඉතින් පැදපංකො රෝද දෙකෙන්. 

කවද කාපු ටකරම් ද!  

පළවෙනි දවස නිසා අවදානමක් ගන්න බෑ තාත්තවත් එක්කගෙන ගියා පාරට. අපේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙ උනාට ටිකක් එහායින් තියෙනව ගුරු පාරක්.ඔය පාරෙ ලොකුවට වාහන යන්නෙ නෑ. පළවෙනි දවස නිසා අර පොඩි පාරෙ තමයි බයිසිකලේ පැද්දෙ. මං බයිසිකලේ වාඩි වෙලා නෝන මහත්තය වගේ ඉන්නව, තාත්ත බයිසිකලේ අල්ලන් තල්ලු කරන් යනව. ඔහොම ඔහොම යද්දි මට හිතුන තනියෙන් පැදල බලන්න. 

මං ඉතින් වැඩ කරන අපේ විරුව වගේ ධෛර්යය හිතට අරන් 'තාත්තෙ ඔයා අතාරින්නකො මං තනියෙන් පදින්නම්' කිව්ව. 

ම්හ්හ් මගෙ තරම දන්න නිසා ඒ මනුස්සය අතෑරියෙ නෑ. මොකද ගෙදරින් ගෙනාව වගේම අත පය 4 එක්ක ගෙදර අරන් යන්නත් එපැයි. 

ආයෙ පාරක් කිව්ව... සද්දයක් නෑ. 

ආයෙ කිව්ව 'අනේ අතාරින්නකො මට පදින්න ඕනෙ තනියෙන්' කියල. 

කෙල්ලගෙ ආසාවනෙ කියල තාත්තත් ඉතින් අතෑරිය. දකුණට දකුණට දකුණට ගිහින් නගර සභාවෙ කුණු ලොරියට ගෙනියන්න කියල මිනිස්සු කුණු ගෙනත් දාන තැනට ගිහින් පතබෑවුනා. ඒකත් මහ කඩයක් ලඟ. 

නැගිට්ට, බැලුව තාත්ත දිහා, බැලුව සිරිපාල දිහා.... 

සිරිපාල තාම කුණු ගොඩේ. 

දිව්ව ගෙදර... ඔහොම තමයි ෆස්ට් රයිඩ් එක ඉවර වුනේ. 

ටික කාලයක් යද්දි ඒ බයිසිකලේ මගෙ ජීවිතේ කොටසක් වගේ. සමහරු අහනව මගෙ පොඩි කාලෙ යාලුවන්ගෙ ගෑනු යාලුවො අඩු ඇයි කියල. මෙහෙමනෙ! කෙල්ලො එනව මාත් එක්ක සෙල්ලම් කරන්න සෝස පාට බෝනික්කො අරගෙන.  මං කතා කරන්නෙ බයිසිකලේ පාර්ට්ස් ගැන, බෝම්බ ගැන, තුවක්කු ගැන. මං කියන ඒව උන්ට තේරෙන්නෙ නෑ, උන් කියන ඒවට මං ආස නෑ. ඉතින් මට කෙල්ලො යාලුවො සෙට් වෙන්නෙ නෑ. මට බෝනික්කෙක් අරන් දුන්නත් ඌව කලු පාටින් පාට කරල ගහක එල්ලනව ත්‍රස්තවාදියෙක් කියල. ඒ ඇරුනම බෝනික්කන්ට කෑම කවන සීන් එකේ මම නෑ.  බයිසිකල් ගැන කතා කරන්න කැමති අය තමයි මගෙ යාලුවො. 

අපේ ගෙවල් පාරෙ ඉඳන් ටිකක් දුරින් තිබ්බ වතුර පාරක් (ඒකට ඇළක් කියන්නත්, වැවක් කියන්නත් අමාරුයි ). ඉතින් හවසට ඔතනට යනව තාත්තයි අම්මයි සිරිපාලයි එක්ක. ඒ කාලෙ නංගි ඉපදිල නෑ. ඔය වතුර පාරෙ ඉන්නව පොඩි පොඩි මාලු. මං ඒ කාලෙ හෙන සමාජ සේවකය. දවල් වරුවෙ පොඩි පාං කෑලි, වඩේ කෑලි අරගෙන ගල් වටේට තියල රබර් බෑන්ඩ් දානව. සතෙක්ට උනත් කෑමක් දෙද්දි පිලිවෙලට පැක් කරල දෙන්න එපැයි කියල හිතෙන්න ඇති. හැබැයි ඒ පැකේජ් එකේ මැද්දට ගලක් තිබ්බෙ මොන හත්තිලව්වටද කියල නම් මතක නෑ. ඉතින් ඔය කෑම පාර්සල් ටිකත් අරන් ගිහින් වතුර පාරෙ ඉන්න මාලුන්ට දානව. ඉතින් මං ඔය හවසට හවසට ගිහින් ගල් ගහපු වතුර පාර තිබ්බ තැන තමා පහු කාලෙක MIT හදල, දැන් මාළබේ LSEG එක තියෙන්නෙ. එහෙම බලද්දි, LSEG එකට මුල් ගල තියපු ඩයල් එක මම!

අපේ ගෙදරට එහා පැත්තෙ තිබ්බෙ කඩයක්. මට ඉතින් ටික කාලයක් යද්දි බයිසිකලේ කඩේ යන්නත් ආසාවක් ආව. සිරිපාලව එලියට අරන් යන වෙලාවෙ පයින් ගියා නම් දහ  සැරයක් ගිහින් එන්න තිබ්බ. ඒත්  ඉතින් බයිසිකලේ කඩේ යද්දි ගෘහමූලික වගේ ෆීලිං එකක් එනව. ඒව ඉතින් පයින් ගිහින් ගන්න පුලුවන්  ෆීලිං නෙමේ. අනික හෝම් වර්ක් කරන්න අම්ම මාව අල්ල ගන්න වෙලේට පැන ගන්න තිබ්බ එකම වස්තුවත් මගෙ බයිසිකල් කට්ට තමයි.

රස කතා ගොඩක් තිබ්බට සිරිපාල ගැන විතරක් කතා කරල අපි මේ කතාව නවත්තමු. මෝටර් බයිසිකල් ගැන මෙතන කතා නොකර ඉමු. මොකද මට තාම ලොකුවට උයන්න එහෙම බෑ. ඒ අකරතැබ්බ ගැන කියන්න ගියොත් ගෙදරින් හම්බෙන කෑම එක නැති වෙනව. උයන්න ඉගෙන ගත්ත කාලෙක ඒ කතා කියන්නම්. 

ගොඩක් වෙලාවට ගෑණු ළමයි බයිසිකල් පදිනවට දෙමව්පියො විරුද්දයි.  ඒව කෙල්ලොන්ගෙ වැඩ නෙමෙයි කියනව. මං බයිසිකල් පැදපු විදියෙ අව්ලක් ද දන්නෙ නෑ.. ඔය කියන විදියෙ කිසිම මෙව්ව එකක් මට නම් වෙලා නෑ.  

වටිනම දේ වෙන්නෙ තමන් කැමති දේ කරන එක!  මොකද තමන්ට කැමති දේ කරන උන්, සමාජෙ මිනිස්සු කැමති දේ කරන උන්ට වඩා ගොඩක් දුර යනව.

-අශන්ෂණී- 

Comments

  1. Sands Casino Resort & Spa - Tacoma
    Welcome to 제왕 카지노 our online casino. We offer over 100000 of the latest 바카라 사이트 slots and video poker games, and we've got the largest progressive jackpot in the septcasino

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අශන්ෂණීට අවුරුද්දාආආයි

කැතයි කියල මරන්නද?