වතු වැඩ
කාආආආලෙකින් කතාවක් ලියන්න බැරි වුනා. ලියන් නැද්ද, ලියන් නැද්ද කියල කට්ටිය අහන වාරයක් ගාණෙ මාර සතුටක් දැනෙනව ලෝකෙ එක කොනක නොපෙනෙන තරමින් ඉන්න මගෙ කතාව කියවන්නත් මිනිස්සු ඉන්නව නේද කියල. මේ වැඩේ වාසි නැත්තෙමත් නෑ. අවුරුදු ගාණකින් හම්බුණ යාලුවෙක්ට වුනත්, මේ මිස් වුන අවුරුදු ගානෙ මං කලේ මොනවද කියල කියන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ. මොකද මේ බ්ලොග් එක නිසා මං කරන ජෝගි මේ රටෙන් තුන් කාලක් දන්නව. අද ලියන්නෙ ඉස්කෝලෙ කාලෙදි දියුණු වෙච්ච මගෙ අරුම පුදුම 'වතු වැඩ' සම්බන්ධ හැකියාවන් ගැන. ඉස්කෝලෙ කිව්වම අමතක කරන්නම බැරි එකක් තමයි P. T. S. එහෙමත් නැත්තම් ප්‍රායෝගික තාක්ශණ කුසලතා පාඩම.අපිට ඔය විශය උගන්නන්න හිටපු ටීචර් ට ඔය නම සෙට් වෙන්නෙම නෑ. "ප්‍රා. තා. කූ. කියන එක මකල ලියනවල 'වතු වැඩ' කියල. එහෙම දෙයක්වත් ඉගැන්නුවෙ නැත්තම් කවද හරි කසාද බැඳපු කාලෙක ඒ මිනිස්සු උගන්නපු ගුරුවරුන්ටත් එක්ක බනියි." ඔන්න ඔහොම කියල නැවතුනේ නෑ. ඇදගෙන ගිහින් අපිව එලවලු පාත්තියටත් දා ගත්ත. බොරු කියන්න ඕනෙ නෑනෙ ඔතන හිටිය සමහර ළමයි වැස්සකටවත් වත්තකට බැහැල වැඩක් කරල නෑ. ආයෙ ඉති...