කෙසෙල් කොලේ වික්‍රමය
අවුරුද්දක් සද්ද නැතුව හිටියට සමා වෙන්න ඕනෙ. කසාද බැන්දට පස්සෙ මනුස්සය blog ලියන්න දෙන්නෙ නෑ නේද කියල අහන අයට උත්තර දි දී ඉන්න ගමන් කල්පනා වුනේ, ඒ message තොගේට reply කරනවට වඩා ලේසි blog එකක් ලියන එක කියල. ඔයාල හිතුව හරි... මනුස්සය blog ලියනවට කැමති නෑ තමයි. මේ දැනුත් ලියන්න එපාමයි කියල මගෙ අත උඩ වාඩි වෙලා ඉන්නෙ.. මගෙ කැපවීම වැඩි නිසා දකුනු කකුලෙ මහපට ඇඟිල්ලෙන් තමයි මේක ටයිප් කරන්නෙ... ඒ නිසාවත් මේක කියවපියව්! මෝඩ කතා කිව්ව ඇති.. කතාවට යමු... අද කියන්න යන්නෙ අශන්ෂණීගෙ කෙසෙල් කොලේ වික්‍රමය ගැන. දැන් ඉතින් එදා කන්න ආපු උන්ට හීන් දාඩිය දාල හිතනව ඇති ආයෙනම් මුන්ගෙ ගෙදරින් වතුර උගුරක්වත් බොන් නෑ කියල. ඔව්!හොඳ වැඩේ.. මිනිස්සු ගල් යුගයෙ සත්තු පස්සෙ ගිහින් මරාගෙන බිම දාගෙන කාපු කාලෙකුත් තිබ්බනෙ.. ඊට පස්සෙ ඒ මිනිස්සුම පිඟන් කියල ජාතියක් හොයා ගත්ත. පුටුවක සැපට වාඩි වෙලා ටීවී එකක් බලන ගමන් ජොලියෙ කෑම කන්න පුලුවන් ලෙවල් එකට ලෝකෙ ඇවිල්ල තියෙන්නෙ.. එහෙමයි කියල අපිත් එහෙම කන්න ඕනෙද මල විකාර! තියෙන පුටු ටිකත් අයින් කරල, කෙහෙල් කොල බිම දාගෙන, බිම බඩගාගෙන, හතරට නැවිල දිව පාගගෙන කනකොට තමයි මරු කියල අපි හි...