තාරුණ්‍යයේ සිහින කොරෝනාව
අද කතාව ටිකක් වෙනස්. පළවෙනි වතාවට වෙන කෙනෙක් දීපු මාතෘකාවට මගේ කතාව ලියන්නයි යන්නෙ. මේ මාතෘකාව ලැබිල ටිකක් කල්. මාත් ඉතින් ඔයාල වගේ තමයි. මේක තේරුම් ගන්න ටිකක් හිතන්න උනා. මේක ඇතුලෙ මම දැකපු තේරුම, මාතෘකාව දීපු කෙනා දැකපු තේරුමමද දන්නෙ නෑ. ඒත් මේක අශන්ෂණීගෙ කතාව. කොරෝනා කිව්වම මොනාද මතක් උනේ? ගෙදරට වෙලා ඉන්නව,ට්‍රිප් එකක් යන්න නෑ, කොත්තුවක් කන්න නෑ (මං මේ කියන්නෙ අර ගෙදරදි අටවගෙන කාපු කොත්තුව නෙමේ.අපි අටවපුවට කොත්තු කියන නම දාල කොත්තු වලට අපහස නොකර ඉමු ), අඩු තරමෙ පාරෙ බැහැල නිදහසේ ඇවිදින්නවත් නෑ. ඔන්න ඕකනෙ සරල කතාව. මේ තත්ත්වෙත් එක්ක අපිට නැති වුනේ මොකක්ද? 'නිදහස'. නිකමට වගේ හිතල බැලුවොත් අපි ගොඩක් අයගෙ මනසෙ තියෙනව කොරෝනා වගේ වයිරස් එකක්. හරියටම කිව්වොත් ජීවිතේ විඳින්න බයයි. අනේ මං මේක කළොත් අනිත් අය මොනා හිතයිද, මං පැරදුනොත් ලැජ්ජ වෙන්න වෙයිද,මගෙ ඇත්ත තත්ත්වෙ දැක්කොත් අනිත් අය කොන් කරයිද, ඕව කරන්න ගිහින් අනා ගන්නවට වඩා මෙහෙම ඉන්න එක හොඳ නැද්ද? නිකමට හිතන්න ඔය වගේ දේවල් හිතල ජීවිතේ අඩි කීයක් පස්සට ගියාද කියල? එහෙනම් ඔයාට මේ සිහින කොරෝනාව බෝ වෙලා සෑහෙන කල්. මේ තත්ත්වෙ ඉන්නෙ ...