තාරුණ්‍යයේ සිහින කොරෝනාව
අද කතාව ටිකක් වෙනස්. පළවෙනි වතාවට වෙන කෙනෙක් දීපු මාතෘකාවට මගේ කතාව ලියන්නයි යන්නෙ. මේ මාතෘකාව ලැබිල ටිකක් කල්. මාත් ඉතින් ඔයාල වගේ තමයි. මේක තේරුම් ගන්න ටිකක් හිතන්න උනා. මේක ඇතුලෙ මම දැකපු තේරුම, මාතෘකාව දීපු කෙනා දැකපු තේරුමමද දන්නෙ නෑ. ඒත් මේක අශන්ෂණීගෙ කතාව.
කොරෝනා කිව්වම මොනාද මතක් උනේ? ගෙදරට වෙලා ඉන්නව,ට්‍රිප් එකක් යන්න නෑ, කොත්තුවක් කන්න නෑ (මං මේ කියන්නෙ අර ගෙදරදි අටවගෙන කාපු කොත්තුව නෙමේ.අපි අටවපුවට කොත්තු කියන නම දාල කොත්තු වලට අපහස නොකර ඉමු ), අඩු තරමෙ පාරෙ බැහැල නිදහසේ ඇවිදින්නවත් නෑ. ඔන්න ඕකනෙ සරල කතාව. මේ තත්ත්වෙත් එක්ක අපිට නැති වුනේ මොකක්ද? 'නිදහස'. නිකමට වගේ හිතල බැලුවොත් අපි ගොඩක් අයගෙ මනසෙ තියෙනව කොරෝනා වගේ වයිරස් එකක්. හරියටම කිව්වොත් ජීවිතේ විඳින්න බයයි. අනේ මං මේක කළොත් අනිත් අය මොනා හිතයිද, මං පැරදුනොත් ලැජ්ජ වෙන්න වෙයිද,මගෙ ඇත්ත තත්ත්වෙ දැක්කොත් අනිත් අය කොන් කරයිද, ඕව කරන්න ගිහින් අනා ගන්නවට වඩා මෙහෙම ඉන්න එක හොඳ නැද්ද? නිකමට හිතන්න ඔය වගේ දේවල් හිතල ජීවිතේ අඩි කීයක් පස්සට ගියාද කියල? එහෙනම් ඔයාට මේ සිහින කොරෝනාව බෝ වෙලා සෑහෙන කල්.
මේ තත්ත්වෙ ඉන්නෙ ඔබ විතරක් නෙවෙයි. මේක අද කාලෙ තරුණ ජීවිත වල සුලබ දෙයක්.
අශන්ෂණී ඒ කියන්නෙ මේ මම, 2012 අවුරුද්දෙ ඉගෙන ගත්තෙ 12 වසරෙ (දැන් ඉතින් වයස හිතන්න එපා. මට දැන් 25ක් වෙන්න ළඟයි ). ඔන්න ඔය කාලෙ එක දවසක් අවස්තාව හම්බෙනව ජාතික මට්ටමේ නිවේදන තරඟාවලියකට යන්න. අනේ තරඟ කරන්න නෙමේ.ජ්‍යේශ්ඨ ශිෂ්‍ය නායිකාවක් විදියට අපේ චූටි නංගිල ටික එක්කගෙන තමා මං ඔතනට ගියෙ. හිත කියන්නෙ හරි පුදුම දෙයක් නෙ. වෙනස් වෙන්න යන්නෙ හරිම ටික වෙලාවයි. ඉතින් මගෙ මොලේ කියනව ' යන්න, යන්න තරඟ කරන්න තරඟ කරන්න' කියල. ඒ අස්සෙ හිත කියනව 'ලැජ්ජ වෙන්න එපා පාඩුවෙ හිටපං' කියල. මං ඉතින් නිකමට හිතා බැලුව මේ තරඟෙට ඉඳල පැරදුනොත් මට වෙන්න පුලුවන් දරුණුම දේ මොකක්ද කියල. කට්ටිය වට වෙලා මට ගහල මාව මරල දානවද? නෑ. රෙදි ටික ගලව ගන්නවද? නෑ. ඉස්කෝලෙන් අස් කරනවද? ඒත් නෑ. වෙන්න පුලුවන් දරුණුම දේ තමා ස්ටේජ් එකේ මගෙ නම කියවෙන්නෙ නැති එක. ඔන්න ඔය යථාර්තය තේරුම් ගත්ත ගමන් සිහින කොරෝනාව පැත්තක දාල මාත් ගියා තරඟෙට. ඔන්න ඉතින් තරඟෙ පටන් ගත්ත. News reading, reporting, live performance කියන අංශ තුනෙන්ම විනිශ්චය කරනව කියල එක්කෙනෙක් ස්ටේජ් එකට නැගල කියාපි. News reading, live performance දෙක නම් යන්තම් හිතා ගත්තයි කියමු. අනික මොකක්ද? කවද කාපු ටකරං ද. ඒත් මං අදටත් සතුටු වෙනව, මං ඒ මොහොතෙ නොවැටුණු එක ගැන. මොකද මං එදා ලංකාවෙ හොඳම පාසල් නිවේදකයො 5 අතරට එනව. ආයෙ කතාවෙ පස්සට ටිකක් ගිහින් බලන්න? හිත කියන දේ අහල මං නැවතුනා නම් මං අද මොකෙක්ද? ඉන්නෙ කොතනද? ජ්‍යේශ්ඨ ශිෂ්‍ය නායිකාව ටික කාලෙකින් ආදි ශිෂ්‍යාවක් වෙලා ඔන්න ඔහෙ ජොබ් එකක් කරගෙන ඉඳියි. ඒත් මගෙ ආත්ම ශක්තිය සිහින කොරෝනාවට වඩා ප්‍රබල වෙච්ච නිසා පැය ගාණකින් , කොහෙදවත් හිටිය මම නිවේදිකාවක් වුනා. පුද්ගලිකව නොදන්න අය පවා මාව නිවේදිකාවක් විදියට දැකල මං ගැන ලියපු පෝස්ට් කීපයක් අදටත් මං ළඟ තියන් ඉන්නව . ඒව කියවන වාරයක් ගානෙ මම එදා ගත්ත තීරණේට මටම ස්තූති කරනව. මේ ටික ඇහුවට පස්සෙ ඔයාගෙ හිත කොණේ ලාවට රිදුමක් ආව නම්, ඔයා පසුතැවීම් තියාගෙන ඉස්සරහට යන කෙනෙක්. තාම ඔයා පරක්කු නෑ.
මං උසස්පෙළ හොඳට සමත් වුනත්, මට ඕන වුන විශ්ව විද්‍යාල පාඨමාලාවට සුදුසුකම් ලබන්නෙ නෑ. පැරදුනාද? ඔව්. වැටුන වගේ දැනුනද? ඔව්. ඒත් මම එතන නවතින්නෙ නෑ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරම මගේම ව්‍යාපාර දෙකක් ආරම්භ කරනව. ක්‍රීඩා කරනව, නිවේදනය කරනව, ඒ අතරම අවුරුදු දෙකක් ජොබ් එකකුත් කරන ගමන් ඉගෙන ගෙන ඩිග්‍රියකුත් ගන්නව.අදටත් මගේම ව්‍යාපාර කරන අතරම හොඳ රැකියාවකුත් කරනව. ආයෙ ආපස්සට යමු. මගෙ අර කැම්පස් හීනෙ බොඳ වෙච්ච තැන මම නිකමට හරි සටන අතෑරියනම්? දැන් ටිකක් කතාව දැනෙනව නේද?
තමන්ගෙ ව්‍යාපාරයක් කිව්ව ගමන් හිතෙනව නේද 'අම්මෝ බිස්නස් නම් බෑ. ඔන්න ඔහෙ කාගෙ හරි ලඟ රස්සාවක් කරනව.' කියල? මේ වාක්‍ය අස්සෙ මං දකින්නෙ සිහින කොරෝනාව. ඔයාල දැන් ගෙදර ඇතුලෙ හිර වෙලා ඉන්නව වගේම ඔයාලගෙ අදහස්, හැකියාවන් හිත අස්සෙ හිර වෙලා ඉන්නව.
මාස දෙකක් ගේ අස්සෙම ඉඳල අමාරුයි නේද? ඔයාලගෙ හීන වලට හිත අස්සෙ හැංගිලා ඉදල කොච්චර මහන්සි ඇද්ද? හංගන් ඉන්නෙ කවද වෙනකල්ද? අද? හෙට? නැත්තම් මැරෙනකල්ම ඔහොම ඉන්නවද? ඇයි වෙනස් වෙන්න බය? අවදානම්, අභියෝග නැති ජීවිතේ හරි සරලයි වගේ දැනෙයි. ඒත් තමන් කව්ද කියල හොයාගෙන ජීවිතේ දිනද්දි දැනෙන සතුට ඊට වඩා ගොඩාක් වෙනස්. මාර්ක් සකර්බර්ග් වයස අවුරුදු 24දි ෆේස්බුක් ආරම්භ කරන්නෙ. ඒ අභියෝගය ඔහු එදා නොගත්තානම්?
මං ආස, මං බොහොම ගරු කරන පුද්ගලයෙක්ගෙ කතාවකින් මේ පෝස්ට් එක ඉවර කරන්නම්. දනංජය හෙට්ටිආරච්චි මහත්මයා ඔහුගෙ ලෝකප්‍රසිද්ධ කතාවකදි කියනව "I see something in you, but I don't know what it is" කියල. මං අද ඔයා වෙනුවෙන් ඒ කතාව වෙනස් කරන්නම්. I don't see anything in you, මං ඔයා තුල මොකුත් දකින්නෙ නෑ.ඔබ ඔබව හරි හැටි අඳුරගෙන නැත්තම්, ඔබේ හැකියාවන් ඔබ හොයාගෙනත් නැත්තම් මං කොහොමද ඔයා තුල විශේෂයක් දකින්නෙ? සිහින කොරෝනාවෙන් එලියට එන්න. ඔයාට කාත් එක්කවත් තරඟයක් නෑ. මොකද ඔයා විශේෂයි. ඔයා වෙන්න කාටවත් බෑ. ඒ නිසා ඔයා තුල හැංගිලා ඉන්න දක්ශ මනුස්සයව එලියට ගන්න. අද ඔයා ප්‍රමාද නෑ. ඒත් හෙට ප්‍රමාදයි. සටන් කරන්න ඔයා එක්ක. වැටෙන එක සාමාන්‍යයි. එක පාරින් දිනපු අය ඉන්නෙ අතොලොස්සයි. ඒ අයටත් වඩා දක්ශයෙක් ඔබ තුල ඉන්න පුළුවන්. ඔබේ සිහින කොරෝනාව විනාස කර ගන්න පුලුවන් ඔයාටම විතරයි.
- අශන්ෂණී -
කොරෝනා කිව්වම මොනාද මතක් උනේ? ගෙදරට වෙලා ඉන්නව,ට්‍රිප් එකක් යන්න නෑ, කොත්තුවක් කන්න නෑ (මං මේ කියන්නෙ අර ගෙදරදි අටවගෙන කාපු කොත්තුව නෙමේ.අපි අටවපුවට කොත්තු කියන නම දාල කොත්තු වලට අපහස නොකර ඉමු ), අඩු තරමෙ පාරෙ බැහැල නිදහසේ ඇවිදින්නවත් නෑ. ඔන්න ඕකනෙ සරල කතාව. මේ තත්ත්වෙත් එක්ක අපිට නැති වුනේ මොකක්ද? 'නිදහස'. නිකමට වගේ හිතල බැලුවොත් අපි ගොඩක් අයගෙ මනසෙ තියෙනව කොරෝනා වගේ වයිරස් එකක්. හරියටම කිව්වොත් ජීවිතේ විඳින්න බයයි. අනේ මං මේක කළොත් අනිත් අය මොනා හිතයිද, මං පැරදුනොත් ලැජ්ජ වෙන්න වෙයිද,මගෙ ඇත්ත තත්ත්වෙ දැක්කොත් අනිත් අය කොන් කරයිද, ඕව කරන්න ගිහින් අනා ගන්නවට වඩා මෙහෙම ඉන්න එක හොඳ නැද්ද? නිකමට හිතන්න ඔය වගේ දේවල් හිතල ජීවිතේ අඩි කීයක් පස්සට ගියාද කියල? එහෙනම් ඔයාට මේ සිහින කොරෝනාව බෝ වෙලා සෑහෙන කල්.
මේ තත්ත්වෙ ඉන්නෙ ඔබ විතරක් නෙවෙයි. මේක අද කාලෙ තරුණ ජීවිත වල සුලබ දෙයක්.
අශන්ෂණී ඒ කියන්නෙ මේ මම, 2012 අවුරුද්දෙ ඉගෙන ගත්තෙ 12 වසරෙ (දැන් ඉතින් වයස හිතන්න එපා. මට දැන් 25ක් වෙන්න ළඟයි ). ඔන්න ඔය කාලෙ එක දවසක් අවස්තාව හම්බෙනව ජාතික මට්ටමේ නිවේදන තරඟාවලියකට යන්න. අනේ තරඟ කරන්න නෙමේ.ජ්‍යේශ්ඨ ශිෂ්‍ය නායිකාවක් විදියට අපේ චූටි නංගිල ටික එක්කගෙන තමා මං ඔතනට ගියෙ. හිත කියන්නෙ හරි පුදුම දෙයක් නෙ. වෙනස් වෙන්න යන්නෙ හරිම ටික වෙලාවයි. ඉතින් මගෙ මොලේ කියනව ' යන්න, යන්න තරඟ කරන්න තරඟ කරන්න' කියල. ඒ අස්සෙ හිත කියනව 'ලැජ්ජ වෙන්න එපා පාඩුවෙ හිටපං' කියල. මං ඉතින් නිකමට හිතා බැලුව මේ තරඟෙට ඉඳල පැරදුනොත් මට වෙන්න පුලුවන් දරුණුම දේ මොකක්ද කියල. කට්ටිය වට වෙලා මට ගහල මාව මරල දානවද? නෑ. රෙදි ටික ගලව ගන්නවද? නෑ. ඉස්කෝලෙන් අස් කරනවද? ඒත් නෑ. වෙන්න පුලුවන් දරුණුම දේ තමා ස්ටේජ් එකේ මගෙ නම කියවෙන්නෙ නැති එක. ඔන්න ඔය යථාර්තය තේරුම් ගත්ත ගමන් සිහින කොරෝනාව පැත්තක දාල මාත් ගියා තරඟෙට. ඔන්න ඉතින් තරඟෙ පටන් ගත්ත. News reading, reporting, live performance කියන අංශ තුනෙන්ම විනිශ්චය කරනව කියල එක්කෙනෙක් ස්ටේජ් එකට නැගල කියාපි. News reading, live performance දෙක නම් යන්තම් හිතා ගත්තයි කියමු. අනික මොකක්ද? කවද කාපු ටකරං ද. ඒත් මං අදටත් සතුටු වෙනව, මං ඒ මොහොතෙ නොවැටුණු එක ගැන. මොකද මං එදා ලංකාවෙ හොඳම පාසල් නිවේදකයො 5 අතරට එනව. ආයෙ කතාවෙ පස්සට ටිකක් ගිහින් බලන්න? හිත කියන දේ අහල මං නැවතුනා නම් මං අද මොකෙක්ද? ඉන්නෙ කොතනද? ජ්‍යේශ්ඨ ශිෂ්‍ය නායිකාව ටික කාලෙකින් ආදි ශිෂ්‍යාවක් වෙලා ඔන්න ඔහෙ ජොබ් එකක් කරගෙන ඉඳියි. ඒත් මගෙ ආත්ම ශක්තිය සිහින කොරෝනාවට වඩා ප්‍රබල වෙච්ච නිසා පැය ගාණකින් , කොහෙදවත් හිටිය මම නිවේදිකාවක් වුනා. පුද්ගලිකව නොදන්න අය පවා මාව නිවේදිකාවක් විදියට දැකල මං ගැන ලියපු පෝස්ට් කීපයක් අදටත් මං ළඟ තියන් ඉන්නව . ඒව කියවන වාරයක් ගානෙ මම එදා ගත්ත තීරණේට මටම ස්තූති කරනව. මේ ටික ඇහුවට පස්සෙ ඔයාගෙ හිත කොණේ ලාවට රිදුමක් ආව නම්, ඔයා පසුතැවීම් තියාගෙන ඉස්සරහට යන කෙනෙක්. තාම ඔයා පරක්කු නෑ.
මං උසස්පෙළ හොඳට සමත් වුනත්, මට ඕන වුන විශ්ව විද්‍යාල පාඨමාලාවට සුදුසුකම් ලබන්නෙ නෑ. පැරදුනාද? ඔව්. වැටුන වගේ දැනුනද? ඔව්. ඒත් මම එතන නවතින්නෙ නෑ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරම මගේම ව්‍යාපාර දෙකක් ආරම්භ කරනව. ක්‍රීඩා කරනව, නිවේදනය කරනව, ඒ අතරම අවුරුදු දෙකක් ජොබ් එකකුත් කරන ගමන් ඉගෙන ගෙන ඩිග්‍රියකුත් ගන්නව.අදටත් මගේම ව්‍යාපාර කරන අතරම හොඳ රැකියාවකුත් කරනව. ආයෙ ආපස්සට යමු. මගෙ අර කැම්පස් හීනෙ බොඳ වෙච්ච තැන මම නිකමට හරි සටන අතෑරියනම්? දැන් ටිකක් කතාව දැනෙනව නේද? තමන්ගෙ ව්‍යාපාරයක් කිව්ව ගමන් හිතෙනව නේද 'අම්මෝ බිස්නස් නම් බෑ. ඔන්න ඔහෙ කාගෙ හරි ලඟ රස්සාවක් කරනව.' කියල? මේ වාක්‍ය අස්සෙ මං දකින්නෙ සිහින කොරෝනාව. ඔයාල දැන් ගෙදර ඇතුලෙ හිර වෙලා ඉන්නව වගේම ඔයාලගෙ අදහස්, හැකියාවන් හිත අස්සෙ හිර වෙලා ඉන්නව.
මාස දෙකක් ගේ අස්සෙම ඉඳල අමාරුයි නේද? ඔයාලගෙ හීන වලට හිත අස්සෙ හැංගිලා ඉදල කොච්චර මහන්සි ඇද්ද? හංගන් ඉන්නෙ කවද වෙනකල්ද? අද? හෙට? නැත්තම් මැරෙනකල්ම ඔහොම ඉන්නවද? ඇයි වෙනස් වෙන්න බය? අවදානම්, අභියෝග නැති ජීවිතේ හරි සරලයි වගේ දැනෙයි. ඒත් තමන් කව්ද කියල හොයාගෙන ජීවිතේ දිනද්දි දැනෙන සතුට ඊට වඩා ගොඩාක් වෙනස්. මාර්ක් සකර්බර්ග් වයස අවුරුදු 24දි ෆේස්බුක් ආරම්භ කරන්නෙ. ඒ අභියෝගය ඔහු එදා නොගත්තානම්?
මං ආස, මං බොහොම ගරු කරන පුද්ගලයෙක්ගෙ කතාවකින් මේ පෝස්ට් එක ඉවර කරන්නම්. දනංජය හෙට්ටිආරච්චි මහත්මයා ඔහුගෙ ලෝකප්‍රසිද්ධ කතාවකදි කියනව "I see something in you, but I don't know what it is" කියල. මං අද ඔයා වෙනුවෙන් ඒ කතාව වෙනස් කරන්නම්. I don't see anything in you, මං ඔයා තුල මොකුත් දකින්නෙ නෑ.ඔබ ඔබව හරි හැටි අඳුරගෙන නැත්තම්, ඔබේ හැකියාවන් ඔබ හොයාගෙනත් නැත්තම් මං කොහොමද ඔයා තුල විශේෂයක් දකින්නෙ? සිහින කොරෝනාවෙන් එලියට එන්න. ඔයාට කාත් එක්කවත් තරඟයක් නෑ. මොකද ඔයා විශේෂයි. ඔයා වෙන්න කාටවත් බෑ. ඒ නිසා ඔයා තුල හැංගිලා ඉන්න දක්ශ මනුස්සයව එලියට ගන්න. අද ඔයා ප්‍රමාද නෑ. ඒත් හෙට ප්‍රමාදයි. සටන් කරන්න ඔයා එක්ක. වැටෙන එක සාමාන්‍යයි. එක පාරින් දිනපු අය ඉන්නෙ අතොලොස්සයි. ඒ අයටත් වඩා දක්ශයෙක් ඔබ තුල ඉන්න පුළුවන්. ඔබේ සිහින කොරෝනාව විනාස කර ගන්න පුලුවන් ඔයාටම විතරයි.
- අශන්ෂණී -
තමන්ගෙ කටුවෙන් එලියට එන්න තවම එලියට එන්න බැරි උන අයට පොඩි පාඩමක්. ඒත් මේ කතාව ඇතුලේ තුබුන සතුට "මටත් පුලුවන්" කියන එක නම් සල්ලි දීලවත් ගන්න බැ. සුභ පැතුම්!
ReplyDeleteබොහොම ස්තූතියි ❤
Delete