Posts

Showing posts from June, 2020

සම්ප්‍රදායද? ප්‍රේමයද? සාම්ප්‍රදායික ප්‍රේමයද?

Image
ආයෙත් ලියන්න යන්නෙ කෙනෙක්ගෙන් ලැබුණ මාතෘකාවක් ගැන. මාතෘකාව කෙනෙක්ගෙ වුනාට මේක අපි ගොඩක් අය ජීවිතේ ඉල්ලගෙන කන තැනක්.. සම්ප්‍රදාය? මේක කොහොමද ප්‍රේමය එහෙමත් නැත්තම් ආදරේට බලපාන්නෙ? ඔය ප්‍රශ්නෙ විශේෂයෙන් එන්නෙ ලංකාව වගේ සදාචාරය, ජාතිය, ආගම, කුල මල ලොකුවට හිතන ආසියාතික රටවලට. මේ කතාවෙ එන අත්දැකීම් බොහොමයක් දෙනා මාත් එක්ක බෙදා ගත්ත ඒව. එයාලගෙ අනන්‍යතාවය හෙලි නොකර කතාව ඉස්සරහට අරන් යං. දෙයක් ජීවිතේට ඉගෙන ගන්න බලන්න. බත් ඔතන්න හරි මංගල කිංකිනි පිටුව ගත්ත අය දැකල ඇති කුලයක නමක් කියල තමයි දැන්වීම පටන් ගන්නෙ කියන එක . අශන්ෂණී පුංචි කාලෙ ඉඳන් ඔය මංගල කිංකිණී කියන පත්තරේ නම් මිස් කරන්නෙ නෑ ( නෑ නෑ මනමාලයෙක් හොයන්න නෙමේ, ඕපදූප හොයන්න හුම්ම් ). මට තිබ්බ ඔය කාලෙ හෙන ප්‍රශ්නයක්. බලන බලන හැම එකේම බොදු ගොවි කියල තියෙනව. 'ඇයි හත්තිලව්වෙ, බෞද්ධ ගොවියෙක්ට කෙල්ලෙක් හොයා ගන්න ඔච්චර අමාරුද?' මට හිතුනෙ එහෙමයි. කුල වලින් ආගම් වලින් මිනිස්සුන්ගෙ ආදර කතා විනාස කරන්න පුලුවන් කියන සංකල්පය මගේ පුංචි මොලේට බර වැඩී ඒ කාලෙ (තාමත් මොලේ නම් පුංචියි තමා හැබැයි දැන් ඉතින් පණ්ඩිතයිනෙ ). ඔහොම යද්දි යද්දි ජීවිත අ...

යන්න කලින් ආදරෙයි කියන්න

Image
සමහර හැඟීම් කවි, කතන්දර වලින් නොදැනුනද ජීවිත අත්දැකීම් වලින් තදින්ම දැනෙයි. මේ මගේ පළමු ආදරය මා හැර ගිය කතාවයි. තවත් අයෙක් මා මෙන් පසු නොතැවෙන වස් මෙසේ ලියමි. 2010.08.06 එය පාසලේ අගෝස්තු නිවාඩුව දෙන දිනය විය. ප්‍රගති වාර්තා පොතත් ලැබුණි . එයද තුරුලු කරගෙන පාසල් වෑන් රථය නිවස අසල නතර කල විගස බිමට පැන නිවසට දිව ගොස් අම්මාට එය පෙන්නුවෙමි. "හොදයි" ඇගේ මූණ ඒ තරම් හොද නැත. "ලෑස්ති වෙන්නකො තාත්ත බලන්න යන්න". තාත්තා මාස ගණනක් තිස්සේ රෝහලේය. ඒත් අම්මාගේ මූණ මේ තරම් මලානිකව දැක නැත. මන්දයත් මා මෙලොව දුටු ශක්තිමත්ම ගැහැණිය ඇයයි. මුහුණ සෝදා ඇදුමක් ඇද ගතිමි. "අම්මෙ report එක ගෙනියමුද තාත්තට පෙන්නන්න? " "අද එපා" ඇගේ පිළිතුර විය. අම්මාද නංගි ද කැටුව රෝහලට ගියෙමි. හැමදා මෙන් තාත්තා බැලීමට පැමිණි අයගෙන් කාමරය පිරී ඇත. අප දුටු විගස ඇදේ වැතිරී සිටි ඔහුගේ මුහුණ සිනාවෙන් පිරී ගියේය. "O/L හොදට පාස් වෙන්න ඕනෙ හරිද" මා අතින් අල්ලා ගනිමින් ඔහු පැවසීය. "අයියෝ තාත්තෙ මන් තාම 10 වසරෙනෙ. මොන O/Lද" ඔහු විභාග ගැන කතා කරන්නෙකු නොවේ. කු...

එයා කැමති නෑ

Image
අද මං කතා කරන්නෙ නිදහස ගැන. 1948 හම්බුන නිදහස නෙමේ.. මිනිස්සු ජීවිතේ ඇතුළෙ හොයන නිදහස. වැල් වටාරම් ඕනෙ නෑ කතාවට යමු කෙලින්ම. සමහරු හිතනව මං හරි අහිංසක ගෑණු ළමයෙක් කියල ( ඔව් ඒක ඇත්ත ). Blog එකේ පොඩි බොරුවක් කිව්වට කමක් නෑ කියල හිතුන නිසයි එහෙම කිව්වෙ. ඇත්තටම මං පොඩි කාලෙ ඉදන්ම අහිංසක නසරානියෙක්. හෑ? ඒ මොකෙක්ද ඒ? මං පොඩි කතා ටිකක් කියන්නම් ඒක තේරුම් ගන්න. සාමාන්‍යයෙන් දඟ වැඩ කරල ගුටිකන්න ලං වෙද්දි ගෑණු ළමයි කරන්නෙ එක්කො අම්මට දුක හිතෙන විදියට Shrek කතාවෙ පූසා වගේ අහිංසක මූණ දා ගන්නව, නැත්තම් අඩන්න ගන්නව. මං ඒ වෙලාවට කලේ දූවල ගිහින් වත්ත කෙළවරේ ලොකු අඹ ගහේ උඩම අත්තට නැගල අම්මගෙ කේන්තිය යනකල් ඉන්න එක. මේක හැමදාම කරන්න බෑනෙ. අම්ම හොයා ගත්ත ක්‍රමයක් . අඹ ගහ වටේට මල් වවල, අඹ ගහේ කඳේ Orchid මල් වැව්ව. මං හොදින්ම දන්නව වැරැද්දට ගුටි කෑවට වඩා කන්න වෙනව ගහේ එල්ලපු මල් පෝච්චි ටික එක්ක ගහෙන් බිමට පතබෑවුනොත්. ඉතින් මාත් කල්පනා කරල අලුත් ක්‍රමයක් හොයා ගත්ත. අඹ ගහට එහා පැත්තෙ තිබ්බ ඇඹරැල්ල ගහක්. අඹ ගහ තරම් උස නැති උනත් ජීවිත ආරක්ශාවට ප් ‍ රමාණවත්. මං ඉතින් කරන්නෙ ඇඹරැල්ල ගහේ අතු දිගේ ගි...