Posts

Showing posts from May, 2021

සිරිපාල සහ අශන්ෂණී

Image
ඔන්න අද නම් යක්කු ගස් නගින වෙලාව එනකල් ඉන්නෙ නැතුව පෝස්ට් එක දානව. අද කතාව අශන්ෂණී සහ බයිසිකලේ අතර ආත්මීය බැඳීම ගැන. මගෙ බයිසිකලේ කතාව කියන්න කලින් පොඩි සයිඩ් කතාවක් තියෙනව. ඒක නොකිය ගියොත් හෙන අසම්පූර්ණයි. අපේ අම්මයි තාත්තයි පුංචි කාලෙ ඉඳල හොඳ යාලුවො. එයාල ඉතින් ඉස්සර බයිසිකල් පදින්න යනවලු. අපේ අම්ම තාත්තව බයිසිකලේ පැදගෙන අන්නාසි වත්තට එක්කගෙන ගිහින්, පරණ වැරදි සිහිපත් කරල හොඳටම ගහල දාල එනවලු.ඉතින් මේ ගහන්නයි එක්ක යන්නෙ කියල දැන දැනත් හැමදාම යන්න, අපේ තාත්තට මොන තරම් ධෛර්යයක් තියෙන්න ඇතිද නේද හුම්ම්.... එහෙම බලද්දි මං තනිකරම බයිසිකල් හිස්ට්‍රියක් තියෙන කෙල්ලෙක්. මේ පින්තූරෙ තියෙන්නෙ ජීවිතේ මට පළවෙනියටම හම්බුන බයිසිකලේ. වත්තෙ ඒ කෙලවරටයි මේ කෙලවරටයි ඕක පදින එක තමයි ඒ කාලෙ ලයිෆ් එක.  ඉතින් ඔහොම ගිහින් මගෙ දෙවෙනි බයිසිකලෙත් ලැබුන.  ඒ බයිසිකලේ නම 'සිරිපාල'.  පොඩි බයිසිකලේ රෝද තුනක් තිබ්බට සිරිපාලට තියෙන්නෙ රෝද දෙකයි. දැන් ඉතින් පැදපංකො රෝද දෙකෙන්.  කවද කාපු ටකරම් ද!   පළවෙනි දවස නිසා අවදානමක් ගන්න බෑ තාත්තවත් එක්කගෙන ගියා පාරට. අපේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙ උනාට ...

අශන්ෂණීට අවුරුද්දාආආයි

Image
අදට 'අශන්ෂණී' බ්ලොග් එකට අවුරුද්දයි.අද ලියන්නෙ ජීවිත කතාවක් නෙමෙයි. තමන්ගෙ කතාව ලියන්න බලන් ඉන්න අයට සහ ලියන්න බයේ ඉන්න අයට වැදගත් වෙන කතාවක්. හරියටම අවුරුද්දකට කලින් මේක පටන් ගද්දි බ්ලොග් එකක 'අ'යන්න වත් දැනන් හිටියෙ නෑ. මොකද ඉතින් මං රස්සාව විදියට බ්ලොග් ලියන මනුස්සයෙක්වත්, ජනමාධ්‍යවීදියෙක්වත් නෙවෙයි නෙ ආයුබෝවන්ඩ! මෙච්චර කල් ලිව්වෙ 'නොවැටී' හිටිය හැටි නෙ. අද කතාවෙ සමහර කොන් වල මන් 'වැටුනු' හැටිත් තියෙයි. සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න තියෙන මූලික සුදුසුකම තමා සිංහල වාක්‍ය ගැලපීමේ හැකියාව.ඔන්න ඕක තමා මට නොතිබුණම එක. මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන් හොඳම යාලුව මෑත කාලෙ ලියපු කතාවකත් ඕක හරි ලස්සනට කියල තිබ්බ. ඒ කාලෙ මං සමාජ අධ්‍යනය මොනිටර් (අපිට ඒ කාලෙ ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය එකතු කරල එක විෂයක් තිබ්බේ. මගෙ යාලුව සිංහල මොනිටර්. ටීචර් විශ්වාස කලා යාලුව මොනිටර් වීම නිසා සහ එකට වැඩ කිරීම නිසා අනිත් එකාටත් අදාල විශය පුළුවන් ඇති කියල. සිංහල මොනිටර්ගෙ යාලුව වෙච්ච මට වාක්‍ය පහක් ගලපල ලියා ගන්න බෑ වගේම, සමාජ අධ්‍යනය මොනිටර්ගෙ යාලුව වෙච්ච ඌට ලංකා සිතියමේ කොලඹ ...