පරාජය ජයක් කළ ආදරයක්


නෙතට නිදි නැති රැය දුකක්
ඉසිඹුවක් නොලදිමි පැයක්
නුඹව හිත ළග බලා ගත් හැටි
දන්නෙ නෑ ලොව කවුරුවත්
තාත්තා නැතුව දැන් අවුරුදු 10ක්. තාත්තා නැති වෙනකොට මම සාමාන්‍ය පෙළ ලියලවත් නෑ. එදා ඉදන් මගෙ අම්මා, තාත්තා දෙන්නම උනේ මගෙ අම්මා. මේ සින්දුව අහන හැම වෙලාවකම මට මතක් වෙන්නෙ මගෙ අම්මව ❤️ ඉස්සර ඉදන් පන්ති ඉවර වෙනකල් ලග බන්කුවක වාඩි වෙලා මන් දිහා බලන් ඉන්නව. මට මතකයි දවසක් සර් කෙනෙක් ඇහුවා 'තමුසෙගෙ කොහෙ හරි මැණිකක් හංගල තියෙනවද ඕයි? අම්ම ඔච්චර පරිස්සම් කරන්නෙ' කියල. මැණිකක් නෙමේ.. අම්මා කියන්නෙ නංගියි මමයි එයාගෙ ඇස් දෙක කියල. තාත්තා නැති උනා කියල අද වෙනකල් මට කිසිම අඩුවක් වෙලා නෑ. අන්න ඒ ආදරේ වෙනුවෙන් තමා මන් මේ ඩිග්‍රිය ගත්තෙ.

මිනිස්සු ආදරෙන් පරදිනව. ඒක සාමාන්‍යයි. මං මේ දේ කියන්නෙ කිසිම පාර්ශවයකට අපහස කරන්න නෙමේ. පාඩමක් ඉගෙන ගන්න එකෙක්ට හැදෙන්න.

ISE කරන්න පටන් ගත්තු දා ඉදලම මන් සෑහෙන්න මහන්සියෙන් වැඩ කලා මගෙ අම්ම මේ ලෝකෙ සතුටෙන්ම ඉන්න අම්ම කරන්න. 3rd year 2nd semester final exams කාලෙ උන ආදර පරාජයක් එක්ක GPA එක 3.92 ඉදන් 3.33ට වැටුන. 1st class හීන කුඩු වෙලා 2nd upper එකකට වැටුන. ජොබ් එකක් කරන ගමන් ආයෙ නැගිටින එක ලේසි වැඩක් නෙමෙයි. මට මුලු module එකම පාඩම් කරන්න ලැබුනෙ පැය ගාක් විතරයි. එයාට මොලේ වැඩි අපිට මොලේ නෑනෙ කියල හිතල මග අතෑරල යන උන් දිගටම කියවන්න. පැය ගානකින් module එකක් ගොඩ දානව කියන්නෙ මාරම challenge එකක්. Exam දවස් වලට මන් නිදා ගත්තෙ හරියටම විනාඩි 20යි. නිදිමත එන හැම වෙලාවකම හිතුවෙ 'අම්මා වෙනුවෙන් කොහොම හරි මේක කරනව' කියල. මන් නිදා ගන්නෙ අම්මා උදේට උයන්න නැගිටින වෙලාවට. ඒ වෙලාවට නින්ද ගිහින් නැතත් ඇස් දෙකනම් අරින්නෙ නෑ. එහෙම ඇරියොත් ඉතින් බැනුම් අහන්නත් එපැයි රෑම ඇහරිලා හිටියට. දවසක් ඔහොම නිදන් ඉන්න අතරතුර අම්මා පුරුදු විදියට මන් නිදි නේද බලල උයන්න ගියා. ටික වෙලාවක් බලල මන් ගියා අම්ම ලගට. 'කොහොමද අනේ ඔයා මේ පාන්දර උයන්නෙ තව ටිකක් නිදා ගන්නකො. මේ පැත්තෙවත් මොකෙක්වත් නැගිටල නැතුව ඇති. ' මන් එහෙම කිව්වම අම්ම හිනා වෙලා මන් දිහා බැලුව. 'මගෙ දරුවො දෙන්න මේ තරම් හොදට ඉගෙන ගද්දි, මාව සතුටු කරන්න මහන්සි වෙද්දි මන් කොහොමද නිදියන්නෙ' එයා කිව්වෙ එහෙමයි. පාන්දර ඉදන් නින්දට යනකල් අපි වෙනුවෙන් මැරී මැරී මහන්සි වෙන අම්මා මන් ඩිග්‍රිය ගත්ත දවසෙ හරි ආඩම්බරෙන් ඉන්නව දැක්ක. මන් නිදි මරපු දවස් සේරම ඒකට යටයි.

මිනිස්සු ජීවිතේට ආවා ගියා කියල ජීවිතේ නැති කර ගන්න, දෙමව්පියන්ව අඩවන්න එහෙම හිතෙනවනම් මගෙ කතාව ආයෙ ආයෙ කියවන්න.
බැහැ කියල දෙයක් මේ ලෝකෙ නෑ. මන් එදා ගත්ත 1st class එක ඒකට හොදම උදාහරණය.
සම්මානෙ ගන්න stage එකට නැග්ගම ටික වෙලාවකින් අත්පුඩි සද්දෙ නැවතුනත් එක්කෙනෙක් විතරක් අඬ අඬ දිගටම අත්පුඩි ගැහුව. ඒ මගෙ අම්මා ❤️

අන්තිමට එයා තමයි මේ ලෝකෙ සතුටෙන්ම ඉන්න අම්මා ❤️ සම්මානෙ ඒකෙ නියම අයිතිකාරයා අතට දුන්නා ❤️
හදන්නට වැහි බින්දුවක්
පොළව ගහකොළ ව්දි දුකක්
දන්නවා නම් තෙමෙනවා නුඹ
මහා වැස්සේ කල්පයක් ❤️

- අශන්ෂණී -

(SLIIT Merit award winner for securing highest Weighted GPA - BSc honors in Information Technology specializing in the field of Information Systems Engineering of the Faculty of Computing)


Comments

  1. Mage thaththat nati une ol liyapu aurudde. Math final exam kale kawa boot ekak. Godak duk winda. Hethuwa une mta eka dawasak eyala ammata wadinna Bari una. Eka nisa eya dala giya. Ape gedarath 4 denek. Ammage mahansiya thamai itin. Dan matath godak sathutui.

    ReplyDelete
    Replies
    1. Ahanna sathutui ❤ hamadama sathutin inna ❤ watenna epa 🙈

      Delete
  2. Sliit eke weda walata behela weda karanawa dekala tiyei announcing ahema kata nan karala ne , my congratulations sister❤

    ReplyDelete
  3. Good One Mashi Keep it up.! :)


    ReplyDelete
  4. ජීවිතේ කවදමහරි දවසක මට ජීවිතේ නැති කරගන්න හිතුනොත්... මට ඒ වැරැද්ද නොකර ඉන්න මේ කථාව ආයෙ මතක් කරන එකම ඇති වෙයි... ඒ වගේ තවත් අම්මල දහස් ගානකට එයාලගේ ළමයි ඒ වැරැද්ද නොකරන්න මේ කථාව හේතුවක් වෙයි කියල හිතෙනව 💖

    ReplyDelete
    Replies
    1. මට කියන්න වචන නෑ 😶❤️🙊

      Delete
  5. A heartwarming story ♥️.keep it up sister

    ReplyDelete
  6. This is to heart felt in every remind moment🌹❤️No words, Be happy always.

    ReplyDelete
  7. Replies
    1. Thank you ♥️https://www.youtube.com/watch?v=nwEBdX_YjhI this is the song :)

      Delete

Post a Comment

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි