එයා කැමති නෑ
අද මං කතා කරන්නෙ නිදහස ගැන. 1948 හම්බුන නිදහස නෙමේ.. මිනිස්සු ජීවිතේ ඇතුළෙ හොයන නිදහස. වැල් වටාරම් ඕනෙ නෑ කතාවට යමු කෙලින්ම.
සමහරු හිතනව මං හරි අහිංසක ගෑණු ළමයෙක් කියල ( ඔව් ඒක ඇත්ත
). Blog එකේ පොඩි බොරුවක් කිව්වට කමක් නෑ කියල හිතුන නිසයි එහෙම කිව්වෙ. ඇත්තටම මං පොඩි කාලෙ ඉදන්ම අහිංසක නසරානියෙක්. හෑ? ඒ මොකෙක්ද ඒ? මං පොඩි කතා ටිකක් කියන්නම් ඒක තේරුම් ගන්න. සාමාන්‍යයෙන් දඟ වැඩ කරල ගුටිකන්න ලං වෙද්දි ගෑණු ළමයි කරන්නෙ එක්කො අම්මට දුක හිතෙන විදියට Shrek කතාවෙ පූසා වගේ අහිංසක මූණ දා ගන්නව, නැත්තම් අඩන්න ගන්නව. මං ඒ වෙලාවට කලේ දූවල ගිහින් වත්ත කෙළවරේ ලොකු අඹ ගහේ උඩම අත්තට නැගල අම්මගෙ කේන්තිය යනකල් ඉන්න එක. මේක හැමදාම කරන්න බෑනෙ. අම්ම හොයා ගත්ත ක්‍රමයක්. අඹ ගහ වටේට මල් වවල, අඹ ගහේ කඳේ Orchid මල් වැව්ව. මං හොදින්ම දන්නව වැරැද්දට ගුටි කෑවට වඩා කන්න වෙනව ගහේ එල්ලපු මල් පෝච්චි ටික එක්ක ගහෙන් බිමට පතබෑවුනොත්. ඉතින් මාත් කල්පනා කරල අලුත් ක්‍රමයක් හොයා ගත්ත. අඹ ගහට එහා පැත්තෙ තිබ්බ ඇඹරැල්ල ගහක්. අඹ ගහ තරම් උස නැති උනත් ජීවිත ආරක්ශාවට ප්‍රමාණවත්. මං ඉතින් කරන්නෙ ඇඹරැල්ල ගහේ අතු දිගේ ගිහින් අඹ ගහට පැනගෙන ආයෙත් අඹ ගහ මුදුනට යනව. මේක කරන්න බෑ... ඔන්න ඉතින් තාත්තා නිවාඩුවට එනකල් ඉදල අම්මා දැම්ම complain එකක්. මාත් ඉතින් හොරෙන් අහන් ඉන්නව මගෙ නඩුව විභාග වෙන හැටි.
අර ළමය එක්ක බෑ අනේ.. කොල්ලෙක් වගේ ගස් නගිනව...
ඉතින් එහෙම වෙන්න එපැයි...
හෑ? ( චෝදනාව ඉදිරිපත් කල පාර්ශවයේ නීතිඥයා නිරුත්තරය)
ඇයි මතක නැද්ද? අපි බැදපු දවසෙ ගේ ඉස්සරහ තිබ්බ කොඩිය ඇදයි කියල ඒක හදන්න මනුස්සයෙක් එක්කන් එද්දි මනමාලි ගහට නැගල කොඩිය හදල බැහැලත් ඇවිත් කියල ඔයාලගෙ ගෙදර අය කිව්වෙ...
මට හික් ගෑවුනා. ආයෙ නම් ගස් නැගලනම් බේරෙන් නෑ කියල හිතා ගත්ත.
එදා ඉදන් මා තේරුම් ගත්ත එක දෙයක් තිබුන. ඒ තමයි, මට අහිංසක දග වැඩ කරන්න නිදහස ලැබුනත් "LIMIT" තියා ගන්න ඕනෙ කියන එක. මොකක්ද මේ අපි කියන limit එක. ඕකට උත්තරේ හරියටම හම්බුනේ 8 වසර පුරවැසි අධ්‍යාපනයට ප්රජාතන්ත්රවාදය ගැන උගන්නද්දි. අන්න එතකොට කියල දුන්න අපේ හැරමිටිය වනන්න පුළුවන් අනිත් කෙනාගෙ නාසයේ කෙළවර වෙනකල් විතරයි කියල. අඩේ ඒ මොකක්ද ඒ කිව්වෙ? මං පාරෙ යද්දි හැරමිටි වනන්නෙ නෑනෙ. එතකොට ප්රජාතන්ත්රවාදය තියෙන්නෙ වයසක මිනිස්සුන්ටද? මුලින්ම හිතුනෙ ඔන්න ඔහොමයි (ඔව් මං ඒ කාලෙ ඒ තරම් ගොනා). පස්සෙ ඕක සමාජෙ එක එක අවස්තා වලට apply කරල බැලුව. හරි සරලයි. මං දන්නව නිදහස කිව්ව ගමන් ඔයාලගෙ ඔලුවට එන්නෙ හරි ලොකු සංකල්ප. දේශපාලන නිදහස, ඡන්දය ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස, කලු ජාතිකයන්ගෙ නිදහස වගේ ඒව. මොකද ඕවනෙ දැන් දැවෙන මාතෘකා. ඕව ඔක්කොම පැත්තකට දාල නිකමට හිතල බලන්න ඔයාට හිතේ නිදහස තියෙනවද කියල?
ඔය හිතේ නිදහස අපේ තරුණ පරම්පරාවට ගොඩක් වෙලාවට අහිමි වෙන්නෙ වැරදි තෝරා ගැනීම් එක්ක. ' අනේ එයා කැමති නෑ මං trip යනවට, එයා ආස නෑ මං කලිසම් අදිනවට.. මට ගෑණු ළමයෙක් වගේ ඉන්න කියලයි කියන්නෙ, අපෝ party නම් බෑ අරය රණ්ඩු වෙයි' ගෑණු ළමයිගෙන් මේ වචන ටික මං අනන්තවත් අහල තියෙනව. ' අපෝ අද සෙට් වෙන්න බෑ කෙල්ල මාව කයි, කෙල්ල phone එක check කරනව බං ඕව එවන්න එපා, අපෝ මේ ඒකි ඉන්න තැන එහෙම කියන්න එපා මං බොනව කියල.. ඒකි ඒක දන්නෙ නෑ. ' මේව ගොඩක් වෙලාවට ඇහෙන්නෙ කොල්ලන්ගෙන්. එහෙම බලද්දි අපේ නිදහස තනිකරම නැති වෙන තැනක් තමයි ආදර සම්බන්ධතා කියන්නෙ. ඇයි අපි තව කෙනෙක් ඉස්සරහ අලුත් චරිතයක් මවාගෙන, කූඩුවක් අස්සෙ හිර වෙලා 'නිදහසක්' නැතුව ජීවත් වෙන්නෙ? අපිට බෑ හැමදාටම වෙන කෙනෙක් පිනවන්න රඟපාන්න. අන්න ඒ රඟපෑම් ඉවර වෙන දවසට තමා උසාවි ඉස්සරහ දික්කසාද නඩු වල file අරන් නීතිඥයො පිරෙන්නෙ, වෙනත් කෙනෙක් ලග සතුට හොයන් ගෙදර අම්මා හෝ තාත්තා පව්ලෙන් එලියට ඉගිල්ලිලා යන්නෙ. අන්න ඒ නිසා හැමවෙලේම හිතන්න මට මේ කෙනා ලග, මානසික නිදහස තියෙනවද? මට මං වෙලා ඉන්න පුලුවන්ද ? කියල. ජීවිතේ හරිම කෙටියි. ජීවිතේ විඳවන්න එපා විඳින්න කිය කිය බණ කිව්වට අපිට ඒව දැනෙන්නෙ නෑ. මොකද අපි ආසයි බැදීම් වලට. ඇලුණු තැන් වලින් ගැලවෙන්න හරිම අමාරුයි. ඒ නිසා අන්න ඒ තාවකාලික තෘප්තිය වෙනුවෙන් අපි අපේ මානසික නිදහස කැප කරනව. තනියෙන් අඩනව විදවනව. තමන්ට වටිනාකමක් නොදෙන කෙනෙක් ලඟ ඉඳගෙන අනේ මං වටින්නෙ නැති කෙනෙක් කියල ලත වෙනව.
මං මේ කතාව තවත් ඇදගෙන යන්නෙ නෑ.. ඒත් තව එක දෙයක් කියන්නම්. කතාවක් තියෙනවනෙ Sky is the limit කියල. අන්න ඒ මට්ටමට යන්න පුලුවන් වෙන්නෙ නිදහසේ ඉන්න මිනිස්සුන්ට විතරයි. නිදහසේ ඉන්නව කියන්නෙ තනියෙන් ඉන්නව කියන එක නෙමේ. හරි පරිසරයෙ, හරි මිනිස්සු එක්ක ඉන්න ඕනම කෙනෙක් ඉන්නෙ නිදහසේ. ජීවිතේ දිනන්න ආස නම් ඔයා ඔයාම වෙන්න..
දෙමාපියන්ගෙ, ගුරුවරුන්ගෙ, අන්තිමට ජීවන සහකාරයගෙ නීති එක්ක ඇති වෙන සංයමයට වඩා තමා තුලින් ගොඩ නගා ගන්න සංයමය වටිනව.මොකද නීති දාන අය ලග නැති කොට මවා ගත්ත සංයමය නැති වුනත් ස්වයං සංයමය එහෙම වෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමා තුලම limit එකක් හදාගෙන ජීවිතේ විඳින්න.. ඒ limit එක තියෙන්නෙ ඔයාගෙ හැකියාවන් හංගන්න එහෙම නෙමේ. ඔයා විඳින නිදහසෙන් අනිත් අයට කරදරයක් නොවෙන්න.
ඉවර නෑ ඉවර නෑ හෝව් හෝව්... මං post එකට පාවිච්චි කරපු photo එකයි කතාවයි බැලුවම අයිස්ක්‍රීමුයි බෝල්ට් ඇණයි වගේද? නෑ නෑ ඒ කුරුල්ලො තුන් දෙනා තමයි මමයි, මගෙ අම්මයි, නංගියි. නොගැලපෙන මිනිස්සුන්ගෙන් සහ නොගැලපෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අපි අපේ නිදහස හොයා ගත්ත. අන්න ඒකයි මේ අහිංසක නසරානියා මෙච්චර දුරක් ආවෙ.
- අශන්ෂණී -
Great one Mashi...
ReplyDeleteThank you <3
Deleteහැමදාම වගෙ අදත් අශන්ෂණීගෙ අලුත් කථාව කියෙවුව. මම විශ්වස කරන විදියට නිදහස ගොඩ නගා ගත යුත්තේ තමන් විසින්ම තමයි. ඒක කාටවත් අරන් ඩෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිදහස 1948 හම්බ වෙච්ච නිදහසට වඩා සිය දහස් ගුණයකටත් වඩා වටිනව.
ReplyDeleteහරියටම හරි <3
DeleteWhile it may appear to be a foul purpose to join a player’s membership, there’s more than meets the eye. Gamer’s clubs are your best shot to incomes bonuses offered by casinos to their most valued gamers. Playing on line casino games as fast as attainable is fun, maybe not anymore whenever you lose understanding you 메리트카지노 brought it all upon your self.
ReplyDeleteStill, it’s finest way|one of the simplest ways|the easiest way} discover out} your chance of beating the house when half in} the sport. Believe it or not, casinos still offer video poker games that return greater than 100 percent. Yes, you read that appropriately.If 1xbet korea you understand how|you know the way} to find out|to search out} them , have the ability to|you presumably can} beat the house.
ReplyDelete