එයා
හැමෝම දැන් අහන්නෙ එයා ගැන විතරයි හුම්ම්ම්... මම දැන් කැපිල ඉන්නෙ. 'එයා ගැන ලියන්නෙ නැද්ද' අහන අයට රිප්ලයි ද දා ඉන්න අතරෙ ඉන්ස්ටග්‍රම් හරහා හිතවත් කෙනෙක්ගෙන් පොටෝ එකක් ලැබුන 'එයා ගැන ලියද්දි මේක දාන්න' කියල. ඔන්න අද කතාව එයා ගැන. (මං ගැනත් ඇඩ් දානව. මොකද එයා මායම් දාල නෑදෑයො, යාලුවො සේරම අල්ල ගත්තට පස්සෙ මට මගෙ කියල ඉතුරු වුනේ මේ බ්ලොග් එක ව්තරයි හුම්ම්) ඇත්තටම කිව්වොත් මට පොඩි කාලෙ අමුතු පිස්සු ආසාවල් ටිකක් තිබ්බ. එක දවසක් හිතුන ඇස් වහගෙන පාර මැද්දෙන් දුවගෙන යන්න. හිතල නිකන් හිටියද? නෑ සහෝදරවරුණි. අම්ම නැති වෙලාවක් බලල යාලුවො සෙට් එකත් අල්ලගෙන පාරට බැහැල අත්හදා බැලීම කලා. ඔන්න මං චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටියෙ දීපිකා කෝච්චිය පස්සෙ දිව්ව වගේ සෙරෙප්පු දෙකත් අතින් අරන් දුවනව (නෑ නෑ දීපිකා සෙරප්පු උස්සන් දිව්වෙ නෑ. ) ඔන්න ඔහොම දුවගෙන දුවගෙන ගිහින් නිකමට හිතුන ඇස් ඇරල බලන්න. අම්ම ඉනට අත් දෙක තියාගෙන පාර මැද බලන් ඉන්නව. ආයෙ හැරිල දුවන්න හිතුන ඔව්. ඔව්..ළමයි ගස් නගිනව, ඒක හරි සාමාන්‍යයි. හැබැයි මං ටිකක් අසාමාන්‍යයි. සාමාන්‍ය ළමයි නගින්නෙ බිම ඉඳන් ගහකට උනාට මං යන්නෙ ගහකින් ...