එයා
හැමෝම දැන් අහන්නෙ එයා ගැන විතරයි හුම්ම්ම්... මම දැන් කැපිල ඉන්නෙ. 'එයා ගැන ලියන්නෙ නැද්ද' අහන අයට රිප්ලයි ද දා ඉන්න අතරෙ ඉන්ස්ටග්රම් හරහා හිතවත් කෙනෙක්ගෙන් පොටෝ එකක් ලැබුන 'එයා ගැන ලියද්දි මේක දාන්න' කියල. ඔන්න අද කතාව එයා ගැන. (මං ගැනත් ඇඩ් දානව. මොකද එයා මායම් දාල නෑදෑයො, යාලුවො සේරම අල්ල ගත්තට පස්සෙ මට මගෙ කියල ඉතුරු වුනේ මේ බ්ලොග් එක ව්තරයි හුම්ම්)
ඇත්තටම කිව්වොත් මට පොඩි කාලෙ අමුතු පිස්සු ආසාවල් ටිකක් තිබ්බ. එක දවසක් හිතුන ඇස් වහගෙන පාර මැද්දෙන් දුවගෙන යන්න. හිතල නිකන් හිටියද? නෑ සහෝදරවරුණි. අම්ම නැති වෙලාවක් බලල යාලුවො සෙට් එකත් අල්ලගෙන පාරට බැහැල අත්හදා බැලීම කලා. ඔන්න මං චෙන්නායි එක්ස්ප්‍රස් චිත්රපටියෙ දීපිකා කෝච්චිය පස්සෙ දිව්ව වගේ සෙරෙප්පු දෙකත් අතින් අරන් දුවනව (නෑ නෑ දීපිකා සෙරප්පු උස්සන් දිව්වෙ නෑ. ) ඔන්න ඔහොම දුවගෙන දුවගෙන ගිහින් නිකමට හිතුන ඇස් ඇරල බලන්න. අම්ම ඉනට අත් දෙක තියාගෙන පාර මැද බලන් ඉන්නව. ආයෙ හැරිල දුවන්න හිතුන ඔව්.
ඔව්..ළමයි ගස් නගිනව, ඒක හරි සාමාන්‍යයි. හැබැයි මං ටිකක් අසාමාන්‍යයි. සාමාන්‍ය ළමයි නගින්නෙ බිම ඉඳන් ගහකට උනාට මං යන්නෙ ගහකින් ගහකට. කෙලින්ම ටාසන් ස්ටයිල්.
ගෙදර මිනිස්සුන්ට තිබ්බ ලොකුම අභියෝගය තමයි මේ ක්‍රියාන්විතයන් හමුවේ මගෙ පණ කෙන්ද රැක ගන්න එක.
ඉතින් අම්ම හිතුව වගකීමෙන් යුත්, හොඳ දරුවෙක්ට මාව බාර දුන්න දවසක හොඳ ළමයෙක් වගේ ඉඳියි කියල. ඉතින් මං ඒකට තෝර ගත්ත ළමය තමයි මේ පොටෝ එකේ සබන් බෝල පුම්බන මෙව්ව එකක් උස්සන් පස්සෙන් පස්සට දුවන්නෙ.
ඇත්තටම අපි හරි වෙනස් මිනිස්සු.
සාමන්‍යයෙන් කපල් එකක් උනාම කතා කරන්නෙ 'අනේ රත්තරං, මං මැරුනොත් ඔයා මොකද කරන්නෙ? ' වගේ දේවල්. අපිට නෑ ඔව්ව කතා කරන්න වෙලාවක්. අපි කෙලින්ම පෘථිවි ආරක්ශක සීන් එකේ ඉන්නෙ. අපි කතා කරන්නෙ පරිණාමවාදය, ජීවයේ පැවැත්ම, ඇල්ගී, දිලීර බැක්ටීරියා, සුදු ආලෝකය, සූර්යයාගේ වර්ණය, බිග් බෑන්ග් න්‍යාය වගේ දේවල්. දවසම රස්සාව කරල කරල, රෑට කොල්ලට කෝල් කරල සුදු ආලෝකයෙන් දේදුන්නෙ පාට හැදෙන හැටි ලෙක්චර්ස් අහන කෙල්ලො දැකල තියෙනවද? ඇයි හත්තිලව්වෙ මේ මම ඉන්නෙ මම! එතුමාගෙ බුද්ධි මට්ටම තියෙන්නෙ අන්න එතන.
මෙච්චර කාලෙකට මං හිතන් හිටියෙ තප්පරේකට වැඩිම වචන ගාණක් කතා කරන මනුස්සය මම කියල. බට් අයි වස් චැලෙන්ජ්ඩ්! ඒ වේගෙන් කතා කරන්න Eminemටත් බෑ ශුවර් එකටම.
ඔන්න ඔහොම කතා කරන කෙනෙක් හොයාගෙන මට වුන වැඩේ දන්නවද? මෙච්චර කල් මට නම කියල කතා කරපු මිනිස්සු දැන් අට කතා කරන්නෙ ' අනුශ්කගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්' කියල. ඔයාල දන්නෙ නෑ ඒ වේදනාව.
කොහොම වුනත් මං ආදරේ කරන කෙනා මේ වගේ වෙන්න ඕනෙ කියල ඉමේජ් එකක් මගෙ හිතේ තිබ්බ. එයා ඒ ඉමේජ් එකට කම්ප්ලීට් මැච් එකක්. ආදරේ පැරදුන වෙලාවෙ මැරෙනව වගේ ගොන් වැඩ කරන්න ගියෙ නැති එක ගැන මට පට්ට සතුටක් තියෙන්නෙ. එහෙම කලා නම් එයාව හම්බෙන්නෙ නෑනෙ. නිකමට බලන්න අර 'පෙරුම් පුරාගෙන ආ සංසාරේ' සින්දුව! කාටද රිදුනෙ? කව්ද ඇඬුවෙ? දුම්රිය මොහොතක් නතර වුනා විතරයි.
ආදරේ පරදිනව, දුවගෙන යනව කෝච්චියට පනිනව, කෑලි කෑලි වලට වෙන් වෙනව, කෝච්චිය විනාඩි ගාණකට නවතිනව, වැඩට යන්න පරක්කු වුන මිනිස්සු කෝච්චියට පැනපු එකාට පලු යන්න බනිනව,කෙනෙක් බැහැල ඇවිත් ඒ කෑලි ටික එකතු කරල අදාල අංශ වලට බාර දෙනව. එම්බාම් කරල පෙට්ටියක දාල කෑලි ටික අම්මලට බාර දෙනව, ඒ මිනිස්සු පොලවෙ හැපි හැපි අඬනව, ෆේස්බුක් ඇඩ්ඩිං අයියල කවි ලියනව, කොල්ල / කෙල්ල වෙන එකෙක්ව බඳිනව. ඔය ප්‍රොසෙස් එක කරන්න නේද තකහනියක් කෝච්චිය පස්සෙ දුවන්නෙ? අනේ කාටද රිදුනෙ?
නානාප්‍රකාර බෙහෙත් ජාති බොනව, නියඟල කනව, ගිනි තියා ගන්නව. මොකද? ' අනේ එයා නැතුව කොහොම ඉන්නද? '... අන්තිමට විඳවල විඳවල පව්ලෙ මිනිස්සු අඬවල යන්නම යනව. අර අන්තිමට විඳවන දවස් ටිකේ නිකමට හිතුනත්, මට ජීවත් වෙන්න ඕනෙ, මට මැරෙන්න බෑ... අපරාදෙ එහෙම කලේ කියල, ටූ ලේට්!
අන්න ඒකයි කියන්නෙ හරි කෙනා එනකල් ඉන්න කියල. එතන තියෙනව මං ජීවිතේ ගත්ත හරි තීරන දෙකක්.
1. මැරෙන්න උත්සහ නොකරපු එක
2. එයාව තෝර ගත්ත එක
දෙවෙනි තීරනේ ගන්න හම්බුණේ පලවෙනි තීරණේ නිසා.පලවෙනි එකෙන්ම ෆයිට් එක අතාරිනවද කියල හිතන්න ඕනෙ ඔයා.
මට කියන්න තියෙන්නෙ දෙවෙනි තීරණේ ගන්න තරම් කල් ජීවත් වුන එක ගැන මං ඉන්නෙ කොච්චර සතුටෙන්ද කියල විතරයි.
- අශන්ෂණී -
What is the difference between casino games and slots?
ReplyDeleteSlot games are the poormansguidetocasinogambling.com most popular types ventureberg.com/ of https://vannienailor4166blog.blogspot.com/ casino games, and 바카라 사이트 the majority are https://febcasino.com/review/merit-casino/ slots. and the most commonly played slot games.