කන්තලේ අවුරුද්ද
නිකමට වගේ නිවාඩු දවසෙ ලැප්ටොප් එක අතට ගත්තම මතක් වුනා පහුගිය දවස් වල ෆේස්බුක් එකේ දැක්ක මීම් එකක්. නාට්ටියක් වවාගෙන කන මහත්තයෙක් 'ලියමි' කියල දාපු පෝස්ට් එකක් අල්ලගෙන අපේ මිනිස්සු හදපු මීම් එකක්. එතුමගෙ ඉනිම මතක් උනාමයි මට මතක් උනේ 'හුටා.. මගෙ බ්ලොග් එකේ අවුරුද්දට මකුලුදැල් කඩන්නවත් බැරි වුනානෙ' කියල. ඉතින් මාත් ඔක්කොම වැඩ පැත්තක තියල 'ලියමි'
අද අවුරුදු නිසා මං හිතුව අවුරුද්ද ගැන ලිව්ව නම් හොඳයි කියල. ඉතින් අවුරුදු මතක ගැන ලියන්න නම්, අවුරුද්දක් සමරපු කාලයක් මතක් කර ගන්න වෙනව. තාත්ත නැති වුනාට පස්සෙ අපි අවුරුදු සමරල නෑ. ඉතින් අවුරුදු මතක ගොඩක් ඈතයි. ඒ නිසා මං අද ලියන්නෙ අශන්ෂණීගෙ 2008 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන.
මගෙ 2008 අවුරුදු නිවාඩුව ගත වෙන්නෙ වාන් ඇල. වාන් ඇල තියෙන්නෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කන්තලේ නගරෙ. එහෙ ජීවත් වෙන එක නිකං ගැමි නාට්ටියක් ඇතුලෙ ජීවත් වුනා වගේ.ගිණි කාශ්ටක අව්වෙ මුලු පවුලම එක්ක කුඹුරු වැඩ කරන තාත්තලා, බොන්න වතුර ටිකක් ඉල්ල ගන්න භාජන තියාගෙන වතුර බවුසරේ එනකල් බලන් ඉන්න අම්මලා, පුංචි කකුල් වලට සෙරප්පු දෙකක්වත් නැතුව පොත් දෙක තුනක් තුරුලු කරන් ඉස්කෝලෙ දුවන පොඩි උන්, පාරට අලි එන්න කලින් වැවට පැනල සෙල්ලම් කරල ගෙවල් වලට දුවන කොල්ලො කුරුට්ටො, ත්‍රස්තවාදියො රෑට බංකර් වලට පැනල බෙලි කපල යනව කියල දැන දැනත් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම් ඉශ්ට කරන්න පාර අයිනට වෙලා බර තුවක්කු කරේ තියන් ඉන්න අපේම කෙල්ලො කොල්ලො තමයි කන්තලේ කිව්ව ගමන් මගෙ ඔලුවට එන්නෙ. ඉතින් මං අද දකින අවුරුද්දට වඩා ඒ කාලෙ 'අවුරුද්ද' හරිම වෙනස්.
දැන් මං කිව්වෙ එහෙ ජීවිතේ කොච්චර කටුකද කියල හිතා ගන්න පුලුවන් දේවල් නෙ.
ඒ වගේම ආතල් සිද්ධිත් ඔය සමාජෙ තිබ්බ. එකක් දෙකක් කියන්නම්. ඔය පළාතෙ මිනිස්සු ගොඩක් කුඹුරු වැඩ කරල, හවස ඒ සල්ලි දාන්න බැංකු වලට යනව. මේ පැත්තෙ අවුරුදු කාලෙ රෙදි කඩ වල පෝළිම වගේ තමයි එහෙම් බැංකු වල පෝලිම. ගොඩක් මිනිස්සු යන්නෙ රජයෙ බැංකු වලට. ඉස්සරම බැංකු වල වැඩ සේරම කලේ manually ලු. බැංකු පොත් වල අතින් ඉලක්කම් ලියන කාලෙ පහු වෙලා, තඩි කම්පියුටර් ගෙනත් දැම්මලු බැංකු වලට. ඉතින් දැන් බැංකුවෙ සේවකයො වැඩ කරන්නෙ කම්පියුටර් ස්ක්‍රීන් දිහා බලාගෙනලු. ඕක දැකපු ගමේ ඈයො ගැහුවලු පෙත්සම් බැංකුවෙ ලොකු පුටු වලට 'මේ බැංකුවෙ උන් දවසම ටීවී බලනව විතරයි. අපේ වැඩ කරල දෙන්නෙ නෑ' කියල. ඒ ජාතික මට්ටමේ කුසලතා. ජාත්‍යන්තර කුසලතා ගැන කිව්වොත්, ඔය ගමේ ඈයො පෙත්සම් ගහල තියෙනවලු මැද පෙරදිග රටවල් වල රාජ්‍ය නායකයොන්ටත් 'අපේ රටට තෙල් එවන්න එපා, මෙහෙ උන් වාහන අරන් දැන් හෙන උඩින් යන්නෙ' කියල.
එහෙ නාඩගම් ගැන ලිව්වනම් නාඩගම්කාරයො පරාදයි.
ගම ගැන අයිඩියා එක දීල ඉවර නිසා දැන් ආයෙ ට්‍රැක් එකට එන්නම්.
ඔය පැත්තෙ මිනිස්සු ඉතින් එනව අවුරුද්දට බුලත් දෙන්න අපේ ගෙදර පැත්තෙ. ගමේ අය විතරක් නෙමේ පොලිසියෙ අයත් හැමෝම වගේ එනව. මන් ඔය දවසට ඉන්නෙ ගහ උඩ බංකරේ. ඒකට හේතු දෙකක් තියෙනව. එක්කො එන මිනිස්සු දාහ, එක්තාස් පන්සීයටම වඳින්න වෙනව, එහෙමත් නැත්තම් ඒ මිනිස්සු මට දන ගහල වඳිනව. තාත්තට වඩා අවුරුදු 10ක් 20ක් වැඩිමල් මිනිස්සු පවා එයාට වඳින්න හදද්දි එයා ඒක හරි අපහසුතාවෙන් නවත්ත ගන්නව මං දකිනව. ඒ මිනිස්සු ඒක කරන්නෙ චාරිත්‍ර ගැනවත්, සංස්කෘතිය ගැනවත් අවබෝධයෙන් නෙමේ, තනතුර නිසා කියල ඔය කාලෙ පවා මගෙ පුංචි මනසට තේරිල තිබ්බෙ.ඉතින් අවදානමක් ගන්න ඕනෙ නැති නිසා මං ගහේම ජීවත් වෙනව.
හැබැයි අපරාදෙ කියන්න බෑ අවුරුද්දට එන හැමෝම මගෙන් අහන ප්‍රශ්න ටිකනම් සමානයි. ඒකනම් අමාරුවක් නැතුව ගොඩ දා ගන්න පුලුවන්.
'ඉන්නෙ 8 වසරෙ, ඉස්කෝලෙ යන්නෙ කොළඹ, මෙහෙ ආවෙ නිවාඩුවට, ඔව් ආයෙ යනව, ඊලඟ නිවාඩුවටත් එනව' ඔය උත්තර ටිකෙන් ගේම ගහ ගන්න පුලුවන්.
මන් ගහට වෙලා නිකමෙක් වගේ හිටියෙ නෑ සහෝදරවරුනි. ඈත බලල, අපේ ගේ දිහාවට කවුරු හරි එනවනම් යටි ගිරියෙන් කෑ ගැහුව 'අම්මෙ කව්ද එනෝ' කියල. ඒ කන්ට්‍රිබියුශන් එකම මදැයි නේද!
අවුරුදු උත්සව් එහෙම තියෙද්දි මායි නංගියි යනව තාත්ත එක්ක ඔව්ව බලන්න. ඉතින් ඔය අවුරුද්දෙ කියලත් වෙනසක් නෑ... අපි ගියා අවුරුදු උත්සවයක් බලන්න තාත්ත එක්ක. අපි කිව්වට අම්ම ගියෙ නෑ..ඒ මිනිස්සුත් අපිව හරිම ආදරෙන් පිලි ගත්ත. කැවිලි මේසයක් ලඟට එක්කන් ගිහින් 'බබාල කැම......ති දෙයක් කන්න' කිව්ව. සමහර කෑම ජාති දැක්කෙත් පලවෙනි පාරට. අපි ඉතින් අවුරුදු කිව්වම දන්නෙ කැවුම්, කොකිස්, අතිරස, ආස්මි වගේ එව්වනෙ. එතන අලුත් අලුත්, එක එක හැඩ වල ජිල්මාට් කෑම ජාති තිබ්බ.නොදන්න එව්ව කන්න ගිහින් අවදානමක් ගන්න බැරි නිසා ඔන්න ඔහෙ කොකිසක් කන්න කියල අතට ගත්ත. මගේ අඩි පාරෙම ගිය නංගිත් කොකිසක්ම උස්ස ගත්ත.
හරි සන්තෝසයි සහෝදරවරුනි! හක්ක පට ගහල පුපුරවල කෑවොත් මිසක් මේ කොකිස දත් වලින් නම් කඩා ගන්න බෑ. නංගිගෙත් මූන අවුල්. මං නංගි ලඟට ගිහින් ශේප් එකේ කිව්ව 'දැන් ඕක බිම තියන්න එපා. එතකොට අවුල්, අපි කන්න බෑ කිව්ව වගේනෙ. ගෙදර ගිහින් කරන දෙයක් කරමු' කියල. නංගිත් ඉතින් හා කිව්ව. නංගි ගෙදර යන මග දිගටත් ඔය කොකිස අතේම තියන් හිටිය. ගෙදර ගිය ගමන් දිව්ව අම්ම ලඟට. දන්නවද මේ කෙල්ල අම්මට කිව්ව දේ. 'මට එතන ගිහින් කෑම හම්බුනාම අම්ම මතක් වුනා.. ඒ නිසා මං අම්මට කොකිසක් ගෙනාව' කියල. හනේ මගෙ කට!
අපේ අම්මටත් හෙන සතුටුයි. අනේ මගෙ පොඩි කෙල්ලට කෑම කද්දි අම්ම මතක් වෙලා කියල දෝත බදල අර ගල් කටස් කොකිස බාර ගත්ත. අදටත් අම්ම දන්නෙ නෑ නංගි ඒක ගෙනාවෙ කන්න බැරි නිසා කියල. මං ඉතින් ඔව්ව කියන්න ගියෙත් නෑ. මොකද මොන අවුරුද්ද සමරලත් අපි අනිත් මිනිස්සුන්ට පතන්නෙ 'සතුට' උතුරන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලනෙ.
ඉතින් මටත් හේතුවක් තිබුනෙ නෑ සතුටු වෙන් මිනිස්සු මැද්දට පැනල ඒක ඉවරයක් කරල දාන්න.
මං කලින් කිව්ව වගේ අපේ මිනිස්සු දැන් මේ චාරිත්‍ර කරන්නෙ හොඳ අවභෝදයක් ඇතුවද කියල නම් මම දන්නෙ නෑ.මොනව වුනත්, ඒ චරිත්‍ර කරද්දි තව කෙනෙක්ගෙ සතුට විනස වෙනව නම් මම පුද්ගලිකව ඒ සිස්ටම් එකේ ලොකු අවුලක් දකිනව. නිකමට හිතන්න කිසිම තේරුමක් නැතුව රතිඤ්ඤා පත්තු කරද්දි පුංචි සත්තු කොච්චර නම් බය වෙනව, අසරණ වෙනව ඇද්ද? රතිඤ්ඤා නැති කොට නැකැත් උදා වෙන්නෙ නැද්ද?
මෙව්ව ඉතින් මං බ්ලොග් ලියල කියල දෙන්න ඕන පාඩම් නෙමේ. මනුසයෙක් විදියට 'දැනෙන්න' ඕනෙ දේවල්.
ඉතින් මං මේ කතාව තවත් ඇදගෙන යන්නෙ නෑ. බුද්ධි පමණින් කී දෑ තේරුම් ගනිත්වා!
මේ අලුත් අවුරුද්දෙ ඔබ ප්‍රාර්ථනා කරන 'සතුට' ලැබේවා! ඔබට වෙන්න ඕනෙ කෙසේද, එසේම වේවා!
-අශන්ෂණී-
While you might not ready to|be succesful of|have the flexibility to} utilize your mathametical expertise on video poker, there are different methods to get the 파라오 카지노 도메인 most effective outcome. One of those methods is to compare the titles of video poker. An common recreation goes to have an RTP of 95% or extra. You aren't enjoying in} against different players, so you won’t benefit from anybody else’s unhealthy choices.
ReplyDelete