Posts

කෙසෙල් කොලේ වික්‍රමය

Image
අවුරුද්දක් සද්ද නැතුව හිටියට සමා වෙන්න ඕනෙ. කසාද බැන්දට පස්සෙ මනුස්සය blog ලියන්න දෙන්නෙ නෑ නේද කියල අහන අයට උත්තර දි දී ඉන්න ගමන් කල්පනා වුනේ, ඒ message තොගේට reply කරනවට වඩා ලේසි blog එකක් ලියන එක කියල. ඔයාල හිතුව හරි... මනුස්සය blog ලියනවට කැමති නෑ තමයි. මේ දැනුත් ලියන්න එපාමයි කියල මගෙ අත උඩ වාඩි වෙලා ඉන්නෙ.. මගෙ කැපවීම වැඩි නිසා දකුනු කකුලෙ මහපට ඇඟිල්ලෙන් තමයි මේක ටයිප් කරන්නෙ... ඒ නිසාවත් මේක කියවපියව්! මෝඩ කතා කිව්ව ඇති.. කතාවට යමු... අද කියන්න යන්නෙ අශන්ෂණීගෙ කෙසෙල් කොලේ වික්‍රමය ගැන. දැන් ඉතින් එදා කන්න ආපු උන්ට හීන් දාඩිය දාල හිතනව ඇති ආයෙනම් මුන්ගෙ ගෙදරින් වතුර උගුරක්වත් බොන් නෑ කියල. ඔව්!හොඳ වැඩේ.. මිනිස්සු ගල් යුගයෙ සත්තු පස්සෙ ගිහින් මරාගෙන බිම දාගෙන කාපු කාලෙකුත් තිබ්බනෙ.. ඊට පස්සෙ ඒ මිනිස්සුම පිඟන් කියල ජාතියක් හොයා ගත්ත. පුටුවක සැපට වාඩි වෙලා ටීවී එකක් බලන ගමන් ජොලියෙ කෑම කන්න පුලුවන් ලෙවල් එකට ලෝකෙ ඇවිල්ල තියෙන්නෙ.. එහෙමයි කියල අපිත් එහෙම කන්න ඕනෙද මල විකාර! තියෙන පුටු ටිකත් අයින් කරල, කෙහෙල් කොල බිම දාගෙන, බිම බඩගාගෙන, හතරට නැවිල දිව පාගගෙන කනකොට තමයි මරු කියල අපි හි...

අපි බැන්දා!

Image
හෙන කාලෙකින්! මාස දෙකක් අතුරුදහන් වෙලා හිටියට සොරි! අතුරුදහන් වෙන්න හේතුව පොටෝ එකෙන් තේරෙනවනෙ :)  අද කියන්නම් වෙඩිං ප්ලෑනිං, වෙඩ්ං සහ පසු ජීවිතේ ගැන. (ඔව් ඔව් මට මතකයි... කවද හරි බැන්ද දවසක 'ඉකිරි වන්නම' ගැන ලියන්න පොරොන්දු වුනා. හැබැයි දැන්ම බෑ.. මොකද තාම කෑම උයන්නෙ අම්මගෙන් අහගෙන. ඒක අම්ම කියෙව්වොත් හෙට ඉඳන් කන්න වෙන්නෙ කඩෙන් ) වෙඩිං ප්ලෑනිං කොරයි මනුස්සය හිටියෙ නැත්තම්. මොකද මුලු කාල සීමාවෙම මගේ කාර්ය බාරය වුනේ, ඔපිස් වැඩ ඉවර වෙලා හතට අටට විතර මතු වෙලා මං ජීවතුන් අතර කියල මනුස්සයට මතක් කරල, ආයෙ ඔපිස් වැඩ වලට වාශ්ප වෙන එක. ආයෙ මං වැඩ ඉවර වෙද්දි මනුස්සය හීන දෙක තුනකුත් දැකල ඉවරයි.  ඒ වෙලේට ප්ලෑන් කරන්න ඕනෙ ඉතින් මහ සෝනගෙ මගුල!  ඒ ඇරුනම වෙඩිමෙ සමහර වැඩ කෙරෙන්නෙ නෑ වගේ නම් ඒව කරන්න ඉන්න මිනිස්සුන්ට බනින්න එහෙමත් මං දායක වුනා. ( අවුරුදු හතරක් රස්සාවක් කරල ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් තමයි ගානක් නැතුව බනින එකයි, කවුරු හරි බැන්නොත් ගානක් නැතුව ඉන්න එකයි.)  ඊට අමතරව වෙඩින් එකට සම්බන්ධ මොනා හරි නැති වෙලා වගේ නම් අඬන්න එහෙමත් මං මගෙ නොමසුරු දායකත්වය දුන්න. අම්මගෙ සෙරප්...

වතු වැඩ

Image
 කාආආආලෙකින් කතාවක් ලියන්න බැරි වුනා. ලියන් නැද්ද, ලියන් නැද්ද කියල කට්ටිය අහන වාරයක් ගාණෙ මාර සතුටක් දැනෙනව ලෝකෙ එක කොනක නොපෙනෙන තරමින් ඉන්න මගෙ කතාව කියවන්නත් මිනිස්සු ඉන්නව නේද කියල. මේ වැඩේ වාසි නැත්තෙමත් නෑ.  අවුරුදු ගාණකින් හම්බුණ යාලුවෙක්ට වුනත්, මේ මිස් වුන අවුරුදු ගානෙ මං කලේ මොනවද කියල කියන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ. මොකද මේ බ්ලොග් එක නිසා මං කරන ජෝගි මේ රටෙන් තුන් කාලක් දන්නව.  අද ලියන්නෙ ඉස්කෝලෙ කාලෙදි දියුණු වෙච්ච මගෙ අරුම පුදුම 'වතු වැඩ' සම්බන්ධ හැකියාවන් ගැන.  ඉස්කෝලෙ කිව්වම අමතක කරන්නම බැරි එකක් තමයි P. T. S. එහෙමත් නැත්තම් ප්‍රායෝගික තාක්ශණ කුසලතා පාඩම.අපිට ඔය විශය උගන්නන්න හිටපු ටීචර් ට ඔය නම සෙට් වෙන්නෙම නෑ.  "ප්‍රා. තා. කූ. කියන එක මකල ලියනවල 'වතු වැඩ' කියල. එහෙම දෙයක්වත් ඉගැන්නුවෙ නැත්තම් කවද හරි කසාද බැඳපු කාලෙක ඒ මිනිස්සු උගන්නපු ගුරුවරුන්ටත් එක්ක බනියි."   ඔන්න ඔහොම කියල නැවතුනේ නෑ. ඇදගෙන  ගිහින් අපිව එලවලු පාත්තියටත් දා ගත්ත.  බොරු කියන්න ඕනෙ නෑනෙ ඔතන හිටිය සමහර ළමයි වැස්සකටවත් වත්තකට බැහැල වැඩක් කරල නෑ. ආයෙ ඉති...

කොරෝන කාලේ බෝ වුන ආලේ

Image
  කාලෙකින් ලියන්න හිතුව නොලියම බැරි කෙනෙක් ගැන. පහුගිය දවස් වලට වඩා තරමක් මනස ස්ථාවරයි කියල හිතුන නිසා ලියන්න ගත්ත. නැත්තම් එහෙම මං ලියන එව්ව කියවල ඔහෙලටත් ඩිප්‍රෙශන් හැදෙනව.  පහුගිය දවස් වල අපේ ජීවියටයි මටයි අවුරුද්දක් වෙච්ච නිසා අද ලියන්නෙ ඒ ජීවියා ගැන. මෙහෙමත් එකක් තියෙනව හැබැයි. පාරෙදි අපි නොදන්න කෙනෙක් වුනත් අපිත් එක්ක කතා කලොත්, මුලින්ම අඳුර ගන්නෙ අපේ අනුක්ක උත්තමයව. ඒකට හේතුව තමයි මේ බ්ලොග් එක. කරුමෙ කියන්නෙ මේ බ්ලොග් එකේ කතා වල ඉන්න ඒ උත්තමයව හැමෝම අඳුර ගන්නව. බ්ලොග් එක ලියන මාව අඳුර ගන්න එකෙක් නෑ එකෙක්! එතුමා කියන විදියට ඒක එහෙම වෙන්නෙ මේ බ්ලොග් එක නිසා එතුමා සමාජෙට විහිලුවක් වෙලා ඉන්න නිසාලු.  ඒ උත්තමය තමා අදටත් මට ජීවිතේ හම්බෙලා තියෙන හොඳම සොප්ටෙයා ඉන්ජිනියර්. අපි ඉතින් තරඟ වලට යනවා, මං අදහසක් දෙනව, එතුමා සිස්ටම් එකක් අටවනව,දෙන්න එකතු වෙලා අඟහරු වල ජනාවාස ව්‍යාපෘතියක් කරන් ආව වගේ හරි ලොකු සීන් එකෙන් ඔව්ව ප්‍රසන්ට් කරනව. සිස්ටම් එකේ නැති features පවා තියෙනවමයි කියල පෙන්න ගන්න පුලුවන් අමුතු මෙව්ව එකක් අපි දෙන්නට තිබ්බ. හැබැයි ඕක කරන්න නම් අපි දෙන්නම ඉන්න ඕනෙ...

සිරිපාල සහ අශන්ෂණී

Image
ඔන්න අද නම් යක්කු ගස් නගින වෙලාව එනකල් ඉන්නෙ නැතුව පෝස්ට් එක දානව. අද කතාව අශන්ෂණී සහ බයිසිකලේ අතර ආත්මීය බැඳීම ගැන. මගෙ බයිසිකලේ කතාව කියන්න කලින් පොඩි සයිඩ් කතාවක් තියෙනව. ඒක නොකිය ගියොත් හෙන අසම්පූර්ණයි. අපේ අම්මයි තාත්තයි පුංචි කාලෙ ඉඳල හොඳ යාලුවො. එයාල ඉතින් ඉස්සර බයිසිකල් පදින්න යනවලු. අපේ අම්ම තාත්තව බයිසිකලේ පැදගෙන අන්නාසි වත්තට එක්කගෙන ගිහින්, පරණ වැරදි සිහිපත් කරල හොඳටම ගහල දාල එනවලු.ඉතින් මේ ගහන්නයි එක්ක යන්නෙ කියල දැන දැනත් හැමදාම යන්න, අපේ තාත්තට මොන තරම් ධෛර්යයක් තියෙන්න ඇතිද නේද හුම්ම්.... එහෙම බලද්දි මං තනිකරම බයිසිකල් හිස්ට්‍රියක් තියෙන කෙල්ලෙක්. මේ පින්තූරෙ තියෙන්නෙ ජීවිතේ මට පළවෙනියටම හම්බුන බයිසිකලේ. වත්තෙ ඒ කෙලවරටයි මේ කෙලවරටයි ඕක පදින එක තමයි ඒ කාලෙ ලයිෆ් එක.  ඉතින් ඔහොම ගිහින් මගෙ දෙවෙනි බයිසිකලෙත් ලැබුන.  ඒ බයිසිකලේ නම 'සිරිපාල'.  පොඩි බයිසිකලේ රෝද තුනක් තිබ්බට සිරිපාලට තියෙන්නෙ රෝද දෙකයි. දැන් ඉතින් පැදපංකො රෝද දෙකෙන්.  කවද කාපු ටකරම් ද!   පළවෙනි දවස නිසා අවදානමක් ගන්න බෑ තාත්තවත් එක්කගෙන ගියා පාරට. අපේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙ උනාට ...

අශන්ෂණීට අවුරුද්දාආආයි

Image
අදට 'අශන්ෂණී' බ්ලොග් එකට අවුරුද්දයි.අද ලියන්නෙ ජීවිත කතාවක් නෙමෙයි. තමන්ගෙ කතාව ලියන්න බලන් ඉන්න අයට සහ ලියන්න බයේ ඉන්න අයට වැදගත් වෙන කතාවක්. හරියටම අවුරුද්දකට කලින් මේක පටන් ගද්දි බ්ලොග් එකක 'අ'යන්න වත් දැනන් හිටියෙ නෑ. මොකද ඉතින් මං රස්සාව විදියට බ්ලොග් ලියන මනුස්සයෙක්වත්, ජනමාධ්‍යවීදියෙක්වත් නෙවෙයි නෙ ආයුබෝවන්ඩ! මෙච්චර කල් ලිව්වෙ 'නොවැටී' හිටිය හැටි නෙ. අද කතාවෙ සමහර කොන් වල මන් 'වැටුනු' හැටිත් තියෙයි. සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න තියෙන මූලික සුදුසුකම තමා සිංහල වාක්‍ය ගැලපීමේ හැකියාව.ඔන්න ඕක තමා මට නොතිබුණම එක. මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන් හොඳම යාලුව මෑත කාලෙ ලියපු කතාවකත් ඕක හරි ලස්සනට කියල තිබ්බ. ඒ කාලෙ මං සමාජ අධ්‍යනය මොනිටර් (අපිට ඒ කාලෙ ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය එකතු කරල එක විෂයක් තිබ්බේ. මගෙ යාලුව සිංහල මොනිටර්. ටීචර් විශ්වාස කලා යාලුව මොනිටර් වීම නිසා සහ එකට වැඩ කිරීම නිසා අනිත් එකාටත් අදාල විශය පුළුවන් ඇති කියල. සිංහල මොනිටර්ගෙ යාලුව වෙච්ච මට වාක්‍ය පහක් ගලපල ලියා ගන්න බෑ වගේම, සමාජ අධ්‍යනය මොනිටර්ගෙ යාලුව වෙච්ච ඌට ලංකා සිතියමේ කොලඹ ...

කන්තලේ අවුරුද්ද

Image
නිකමට වගේ නිවාඩු දවසෙ ලැප්ටොප් එක අතට ගත්තම මතක් වුනා පහුගිය දවස් වල ෆේස්බුක් එකේ දැක්ක මීම් එකක්. නාට්ටියක් වවාගෙන කන මහත්තයෙක් 'ලියමි' කියල දාපු පෝස්ට් එකක් අල්ලගෙන අපේ මිනිස්සු හදපු මීම් එකක්. එතුමගෙ ඉනිම මතක් උනාමයි මට මතක් උනේ 'හුටා.. මගෙ බ්ලොග් එකේ අවුරුද්දට මකුලුදැල් කඩන්නවත් බැරි වුනානෙ' කියල. ඉතින් මාත් ඔක්කොම වැඩ පැත්තක තියල 'ලියමි'  අද අවුරුදු නිසා මං හිතුව අවුරුද්ද ගැන ලිව්ව නම් හොඳයි කියල.  ඉතින් අවුරුදු මතක ගැන ලියන්න නම්, අවුරුද්දක් සමරපු කාලයක් මතක් කර ගන්න වෙනව. තාත්ත නැති වුනාට පස්සෙ අපි අවුරුදු සමරල නෑ. ඉතින් අවුරුදු මතක ගොඩක් ඈතයි. ඒ නිසා මං අද ලියන්නෙ අශන්ෂණීගෙ 2008 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන.  මගෙ 2008 අවුරුදු නිවාඩුව ගත වෙන්නෙ වාන් ඇල. වාන් ඇල තියෙන්නෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කන්තලේ නගරෙ. එහෙ ජීවත් වෙන එක නිකං ගැමි නාට්ටියක් ඇතුලෙ ජීවත් වුනා වගේ. ගිණි කාශ්ටක අව්වෙ මුලු පවුලම එක්ක කුඹුරු වැඩ කරන තාත්තලා, බොන්න වතුර ටිකක් ඉල්ල ගන්න භාජන තියාගෙන වතුර බවුසරේ එනකල් බලන් ඉන්න අම්මලා, පුංචි කකුල් වලට සෙරප්පු දෙකක්වත් නැතුව පොත් දෙක තුනක් ...